Author: LFN
මෙරට දී සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පැවසෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශය සඳහා විදෙස් බුද්ධි අංශයක් විසින් යම් තොරතුරක් ලබා දුන් බවත් ඒ අනුව අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව ජාතික ආරක්ෂක කවුන්සියල කැඳවා ගත යුතුව තිබු කඩිනම් තීන්දු තීරණ ලබා ගත් බවය. ඒ අනුව සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණය ඉදිරිපත් කර ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔහු පැවසීය. කෙසේ නමුත් මෙම බුද්ධි අංශ තෙරතුර මෙරට සිදුකරනු ලැබූ බලපෑමක් නොවන බවත් අමෙරිකා…
අලුතින් කිසිදු ණයක් රජය විසින් ලබා ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ කිසිදු ආයතනයක හෝ විදේශ ණයක් මේ දක්වා ලබා ගෙන නොමැති බවය. “සාමාණ්‍යයෙන් මහ බැංකුවේ ක්‍රම වේදයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල්කුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිද්ද වෙන දෙයක්. ඒ වගේම මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇත්තටම අලුතින් මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ, කරන්න බෑ ඒක පැහැදිළිව තියෙනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න හැබැයි තාම නම් එහෙම එකක් නිකුත්…
දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. “දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා අපි වැරදි තොරතුරු දෙනවා කියලා. නමුත් කිසිදු වැරදි තොරතුරක් නෑ. වසර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති මහතා ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ. ඊයේ (28) උදෑසන කාලයේදී කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී එම සිදුවීම වාර්තා වී ඇත. මරණකරු වයස අවුරුදු 75ක් වූ බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බව පොලීසිය පැවසීය. එම කාන්තාවටද සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටියදී පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. සොරකම් කරන ලද මෝටර් රථය පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය. හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන්…
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවය. එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන වයිෆයි භාවිත කරමින් අන්තර්ජාල කටයුතු සිදුකිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු සදහන් කළේය. “නොමිලේ ලබා දෙන වයිෆයි සේවාවන් සමගම තවත් පුද්ගලයින්ට පුළුවන් ව්‍යාජ වයිෆයි සේවා ලබා දීලා පොදු මහජනතාව ඔවුන්ගේ සේවාවන් ලබා දීම එම සේවාව හරහා යොමු කරගෙන ඊට පස්සේ ප්‍රවේශවීමට ලබා දෙන…
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම් කර තිබේ. සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (29) පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් දකුණු පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවය. අදාළ දුම්රිය වෙනත් දුම්රිය එංජිමක් මඟින් කොළඹ කොටුව වෙත ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව ඇත්තේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතාවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයටයි. ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගනිමින් එහි පාලන බලය හිමිකරගත්තේ ජාතික ජන බලවේගයයි. සමගි ජන බලවේගයට ආසන 6ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක්ද…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාදුක්කේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය. “දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා , අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා , නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ…