Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්මන්පිල ගෙන් ඇමති විජිත ට තවත් අභියෝගයක්
    Featured

    ගම්මන්පිල ගෙන් ඇමති විජිත ට තවත් අභියෝගයක්

    By LFNOctober 28, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරුතුමියට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ට අභියෝග කළේය.

    ඔහු එම අභියෝගය කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම සඳහා ඔහුගේ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය.

    2023 සැප්තැම්බර් 05 වනදා එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ Dispatches නම් වැඩසටහනේ විකාශය කළ Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම කමිටුව පත්කළේය.

    මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත්කළ අල්විස් කමිටුවට කිසිවෙක් විරුද්ධ නොවූ බව ගම්මන්පිල මහතා පැවසීය.

    “මෙම පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නෑ. මේ කමිටුවේ සාමාජිකයින්ගේ හැකියාව හෝ. අපක්ෂපාතීත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක්කරලා නෑ. පසුගිය 21 වනදා අපි ජනගත කරපු අල්විස් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ සභාපති ධුරය දැරූ අල්විස් විශ්‍රාමික විනිසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක් ගැන චෝදනා නගන්න පුළුවන් දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතිතුමාට බීමත්ව රිය පැදෙව්වයි කියලා චෝදනා තියෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකළේ කොහොමද කියලා චෝදනාවක් තියෙනවා. කාටද බැරි චෝදනා නගන්න. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි චෝදනාවක් නගනවා නම් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. ඒ නිසා මම ගිය සතියේ මෙතන අභියෝග කළා විජිත හේරත් ඇමතිතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වුණාය කියන සාක්ෂි මී ළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි විජිත හේරත් මැතිතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදීන් කෝ ඇමතිතුමනි කෝ සාක්ෂි කියලා විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාවි කියලා. කමිටුව සොයාගත් කරුණුවලට පිළිතුරු සැපයීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන කියන්න තීරණය කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.