Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට අද තීරණාත්මකයි
    Sport

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට අද තීරණාත්මකයි

    By LFNOctober 25, 2024No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඕමානයේ පැවැත්වෙන ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) කණ්ඩායම් අතර අද (25) පැවැත්වේ.

    තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30ට Al Amerat ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 8කට සහභාගිත්වයෙන් මෙහි මූලික වටයේ තරග පැවැත්විණි.

    එහි ‘ඒ’ කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකාව එක් තරගයක් පරාජය වී, ක්‍රීඩාකළ තරග 3න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පවත් විය.

    ‘ඒ’ කාණ්ඩයට ඇෆ්ගනිස්තාන A, බංග්ලාදේශ A හා හොංකොං ජාතික කණ්ඩායම ක්‍රීඩා කළේය. ඉන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානට පමණක් පරාජය විය.

    මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ද අද (25) ප.ව. 7.00ට පැවැත්වෙන අතර, එම තරගය මෙහි ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත් ඉන්දීය A කණ්ඩායම හා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර පැවැත්වේ.

    මෙම තරගාවලිය අවසන්වරට ඉකුත් 2023 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැති අතර, එවර ශූරතාව දිනාගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් විය.

    ආසියානු වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලිය ලෙස 2013 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය 2020 වසරේදී ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙසින් වෙනස් විය.

    මේ සඳහා ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල් ඔවුන්ගේ ‘ඒ’ කණ්ඩායම් ඉදිරිපත් කරන අතර, අනෙකුත් රටවල් ඔවුන්ගේ ජාතික කණ්ඩාම් ඉදිරිපත් කරනු ලබයි.

    මේ දක්වා පැවැත්වූ අදියර 5න් ශ්‍රී ලංකාව දෙවරක්ද (2017,2018), පාකිස්තානය දෙවරක්ද (2019, 2023) හා ඉන්දියාව එක් වරක්ද (2013) ශූරතාව දිනා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.