Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ලියුමක්
    Featured

    පාස්කු වාර්තාව ගැන රනිල්ගෙන් ලියුමක්

    By LFNOctober 25, 2024No Comments5 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු පවසන්නේ මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මෙම වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනිමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටි බවය.

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

    “ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධූරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළෙමි.

    ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳව පැහැදිළි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර තිබු අතර මා වෙත යොමු කෙරුණු සියලු පැහැදිළි කිරීම් නීතිපතිවරයාට යොමු කර ඊට අදාළ සියලු කරුණු රදගුරු සම්මේලනය සමග හුවමාරු කර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් දෙන ලදී.

    චැනල් – 4 නාලිකාව ඔස්සේ විකාශනය වූ හෙළිදරව්ව පිළිබඳව කරුණු සෙවිය යුතු බවට ද මා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට කටයුතු කරන ලදී.

    මීට අමතරව, ඒ.එම්.ජේ. ද අල්විස්, ඩබ්ලිව්.එම්.ඒ්.එන්.නිශාන් සහ කේ.එන්.කේ. සෝමරත්න යන අයගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මේ කමිටුවට පත්කළ කිසිවකුත් මා පෞද්ගලිකව දන්නා හඳුනන අය නොවේ. මේ කමිටු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කරන ලදී.
    ඉන්දීය බුද්ධි සේවයෙන් කිසියම් වූ ආකාරයක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලද විට ගතයුතු පියවර පිළිබඳව සොයාබැලීම ඉහත කමිටුව පත් කිරීමේ එක් අරමුණක් විය. එසේම ඊට අදාළව ගනු ලැබූ පියවර ප්‍රමාණවත්දැයි විමසා බැලීම ද මේ කමිටුවට පැවැරුණු තවත් වගකීමක්වේ. රාජ්‍ය බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ බවට මාස හතරක් මුළුල්ලේ ප්‍රකාශ කළේ මන්ද? ඒ කාලය තුළදී ඊට අදාළව ගත් පියවර කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම ද මේ කමිටුව මගින් සිදුකරන ලදී.

    අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළිගන්න හෝ ඔවුන් ගැන විභාග කිරීමට හෝ සකස් කළ වාර්තාවක් නොවේ.

    පාස්කු සිද්ධිය ගැන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සියළු දෙනාටම නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙසත් ඒ වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ. මීට අමතරව එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාටත් විනය පියවර ගන්නා ලෙස එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. එබැවින් මෙය රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසු වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව ඉතා පැහැදිලිය.

    වාර්තාවේ සඳහන්ව ඇති වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නිරීක්ෂණ ද ඉතා වැදගත් වේ. එම සිද්ධියට අදාළව එදා පළමුව දැනුම් දෙනු ලැබූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඒ ඝාතන සිදුකළ බවටය. එහි ප්‍රතිඵලයක් ලෙස තම්බිරාස කුමාර් සහ රාසනායගම් සර්වානන්දන් යන දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

    වාර්තාවේ ඇමුණුම් පරීක්ෂා කළවිට පරස්පර විරෝධි කරුණු රැසක් අනාවරණය වේ. ඒ් සම්බන්ධයෙන් වන එක් බුද්ධි අංශ වාර්තාවක සඳහන් වනුයේ එවකට සිරගතව සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මේ සිද්ධිය පිටුපස සිටින බවය. වවුනතිව්වලදී මියගිය ගනේෂ් නැමැති පොලිස් නිලධාරියා සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත් වූයේ යයි කියන කාන්තාවකගේ සැමියා විසින් ඝාතනය කළ බවට ද ඊට අදාළ තවත් බුද්ධි අංශ වාර්තාවක සඳහන් විය.

    ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධාන‌යේ ක්‍රියාකාරකම් සොයා ගැනීමට බුද්ධි අංශවලට මාස හතරක් ගතවීමට හේතුව ජාතික බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීමේ විධිමත් ජාලයක් නොතිබීම යයි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ (DMI) සඳහන් කර ඇත.

    “Regarding the gap of four months until discovery of the NTJ, the DMI’s explanation was that it was attributable to the lack of network they had at the time to elicit the intelligence. ”

    REPORT OF THE COMMITTEE OF INQUIRY INTO INTELLIGENCE COORDINATION AND INVESTIGATIVE PROCESSES RELATED TO THE EASTER SUNDAY BOMBINGS OF 21ST APRIL 2019 (Page No 12)

    විදේශ බුද්ධි සේවයක් වූ ඉන්දියන් බුද්ධි අංශයට මේ ප්‍රදේශයේ ශක්තිමත් තොරතුරු ජාලයක් පැවැතිය ද, එම ප්‍රදේශයේම ලංකාවේ බුද්ධි අංශ ක්‍රියාත්මක වීමේදී දරුණු කඩා වැටීමක් දැකිය හැකිය. අප සතුව ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයක් නොතිබීම භායනක තත්ත්වයකි. මන්ද රටෙි ආරක්ෂාවට එය විශාල තර්ජනයක් වන බැවිනි. මගේ අවධානය යොමු වූයේ මේ කාරණය සම්බන්ධයෙනි.

    මගේ අරමුණ වූයේ රදගුරු සම්මේලනයේ ප්‍රතිචාරය ලබාගෙන නිතීපති වාර්තාව ද සමග බුද්ධි සේවා කඩා වැටීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමය. මන්ද මේ ආකාරයට ජාතික බුද්ධි සේවයේ කඩා වැටීම රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ද වන නිසාය.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර පසුව එහි වාර්තාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් හා ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුවක් හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා ගැනීමට ද මම අදහස් කරගෙන සිටියෙමි. ජාතික බුද්ධි සේවයේ දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් වාර්තාවේ කිසිවක් සඳහන් නොවූ බව ද සිහිපත් කිරීමට කැමැත්තෙමි.

    මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මේ වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ මා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත නිසා ඒ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට මම කටයුතු නොකෙළමි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවශ්‍යව තිබූ බැවින් ඉහත පිළිවෙත මම අනුගමනය කළ බව ද සඳහන් කරමි.

    කාදිනල් හිමිපාණන් මා සම්බන්ධව සිදුකළ සියළු ප්‍රකාශ පදනම් විරහිතය. පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය යි.

    ඉහත සියලු කරුණු සැළකිල්ලට ගෙන පාස්කු වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම මම ඉල්ලා සිටිමි.”

    රනිල් වික්‍රමසිංහ
    අටවන විධායක ජනාධිපති

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.