Author: LFN

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය. තරගය පැවැත්වුණේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. අද දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කළේය. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. සංචාරක බටහිර ඉන්දීය කොදෙව්…

Read More

නායයැමේ අවදානමක් හේතුවෙන් මාතර පාසලක පන්ති 10ක සිසුන්ට හෙට (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් තීරණය කර තිබේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට හෙට (24) දින මෙලෙස පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණිය පවත්වාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පිටුපස පස් කන්දක් සුළු නායයෑමේ තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවී තිබුණි. ඒ අනුව අද දිනයේ ඇතිවූ දැඩි වර්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…

Read More

කොටස් එකලස් කළ වාහනයක් සන්තකයේ තබාගෙන පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානාදු මහතා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුනු සැලකිල්ලට ගැනීමෙන් අනතුරු සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන ලබන 30 වැනිදා සිද්ධියට අදාල කරන විමර්ශනවල ප්‍රගිතිය වාර්තා කිරිමට රහස් පොලිසියට නියම කළාය.

Read More

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි. ඉන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන…

Read More

මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ජාතිකයින් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි. එලෙස මරණ දඬුවමට නියම කර ඇත්තේ, ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට සහ පාකිස්තාන ජාතිකයෙකුටය.

Read More

සතොස ආයතනයේ වංචාවකට අදාල නඩුවකට පෙනී නොසිටිම හේතුවෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද වාරෙන්තු නිකුත් කළේය. නඩුව කැඳවූ අවස්ථාවේ ජෙන්ස්ටන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ වූ එකඟතාවයකට අනුව තම සේවාදායකයා රහස් පොලියේ පෙනී සිටිම හේතුවෙන් මෙම අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය. සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළ විනිසරුවරයා එම නඩුව ජනවාරි 24 කැඳවීමට නියම කළේය .

Read More

ලබන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දැනට වාර්ෂිකව බඩඉරිඟු මෙක්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයන කරන බවය. “මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ඩොලර් වශයෙන් රටින් පිට යනවා. ඒ නිසා අපිට උපදෙස් ලැබිලා තියෙනවා ලබන අවුරුද්දේ මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකරන්න ඕනේ. ඒ සඳහා අපි දැනට කරන නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. මේ අවුරුද්දේ අපි බඩඉරිඟු සඳහා යොදන ඉඩම් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා ලොකු ඩොලර් ප්‍රමාණයක්…

Read More

කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහළකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. සිසුවා බිමට වැටීමෙන් අනතුරුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත. එලෙස මියගොස් ඇත්තේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිව්වන වසරේ සිසුවෙකි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, “බලමු මොකද වෙන්නේ කියලා…කාලය විසින් ප්‍රශ්නවලට උත්තර දෙයි. සත්‍ය ජයග්‍රහණය කරයි” යනුවෙනි.

Read More