Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය සමනය කරනවා – විජිත
    Featured

    ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය සමනය කරනවා – විජිත

    By LFNOctober 24, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි දින කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීමට හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

    “අපි දින කිහිපයකින් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා. එතකොට දැනට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩයත් ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහිමකට පත් වෙලා තිබෙනවා අපි ගත් ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ගේ රටේ පුරවැසියන් අපේ රට තුළ සංචාරක කටයුතු වලට එවන්න. සංචාරකයින් පැමිණිමේ නැවතීමක් වෙලා නැහැ. පෙරේදාත් ඊශ්‍රායල ජාතිකයින් ලංකාවට ඇවිල්ලා තිබුණා එහෙම ප්‍රශ්නයක් නැහැ. පැමිණ ඉන්න අය තමන්ගේ සංචාරක කටයුතු නිදහසේ කරනවා. ඒවාට බාධාවක් නැහැ. ඉතිං මේ තත්ත්වය දැනමත් අපි පාලනය කරලා තියනවා. අපි ගත යුතු සෑම පියවරක්ම අරගෙන තියෙනවා. ඒ නිසා කිසිදු ආකාරයක චකිතයක් ඇතිකරගත යුතු නෑ. ජාතික වශයෙන් ගත්තාම අපේ රටේ පුරවැසියන් ඉලක්ක කරලා යම් කැලඹිලිකාරි තත්ත්වයක් ඇති කරනවා කියලා වාර්තා වුණේ නෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ.

    විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය පවත්වාගෙන යන ආයතනවලටත් අපි දැනටමත් දැනුමත් දීලා තියනවා. ඒ ඒ හෝටල්වල ආරක්ෂක විදික්‍රම පාවිච්චි කරන්න, පරික්ෂා කිරීම් කරන්න. ඒ වගේම අපි ජනතාවටත් කියලා තියෙනවා යම් කිසි තොරතුරක් වාර්තා වෙනවානම් දුරකථන අංකයක් අපි දීලා තියනවා හදිසි ඇමතුම් ලබා ගන්න පුළුවන් ඒ හරහා දැනුම් දෙන්න කියලා. ඒ නිසා මේ තත්ත්වය පාවිච්චි කරලා අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාය කරන්න එපා. අපි වගකිය යුතු රජයක් විදිහට ගතයුතු, ගතහැකි සෑම ආරක්ෂක පියවරක්ම අරගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.