Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජොන්ස්ටන්ට අයත් බව කියූ BMW රථය ගැන තොරතුරු රැසක්
    Featured

    ජොන්ස්ටන්ට අයත් බව කියූ BMW රථය ගැන තොරතුරු රැසක්

    By LFNOctober 24, 2024No Comments3 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව පැවසෙයි.

    අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ.

    මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරු අද දහවල් කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ විමර්ශන නිලධාරින් කියා සිටියේ ප්‍රශ්නගත BMW මෝටර් රථය සම්බන්ධයෙන් වූ නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බවය.

    ප්‍රශ්නගත BMW මෝටර් රථය සොරාගන්නා ලද අංක තහඩුවක් සහිතව භාවිත කර ඇති බවත්, එය නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේය.

    එසේම අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරින් පැවසීය.

    වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරින් කියා සිටියේ නීති විරෝධිව මෙරටට ගෙන්වීමෙන් පසු කොටස් දෙකක් එකට පෑස්සීමෙන් මෝටර් රථය එකලස් කිරීමක්ද සිදුවී ඇති බවය.

    අනතුරුව සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රශ්නගත මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද පැවසුවද, එම සොරකමට සිය සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවය.

    එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.

    දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    කොළඹ සුපිරි හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් ඉකුත් ඔක්තෝබර් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පරීක්ෂාවට ලක්වී තිබුණි.

    ඒ පිළිබඳ සිදුකළ පොලිස් විමර්ශනයේදී හෙළි වී තිබුණේ එය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් එකක් බවය.

    ඒ අනුව ඔක්තෝබර් 10 වනදා විමර්ශන අංශ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

    මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණා.

    එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරයාට පෙන්වා දුන්නේ පෙත්සම්කරු මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම අත්‍යවශ්‍ය බවය.

    මෙහිදී පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතීඥවරයා තම සේවාදායකයා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව දැනුම්දුනි.

    ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරු 9ට පමණ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණි.

    මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ සතොස ආයතනයේ නිලධාරින් 153 දෙනෙකු නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර වෙනත් රාජකාරිවල යෙදවීම සම්බන්ධයෙන් වූ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද පෙරවරුවේ කැඳවීය.

    එහිදී එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.