Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඩු මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් අරඹයි
    Featured

    අඩු මිලට පොල් ලබාදීමේ වැඩසටහනක් අරඹයි

    By LFNOctober 23, 2024No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

    අද (23) දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

    මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිතය.

    කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලත්, කිරුළපන පොදු වෙ‍ෙළඳපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදාහැරිම් සිදුකිරීමට නියමිතය.

    ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලීසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨය අසල ද පොල් බෙදාහැරිමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගාකිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා ඇති බව දැනුම් දී තිබේ.

    ප්‍රධාන නගරයන් හිදී ජනතාවට සහන ක්‍රමයකට පොල් මිලදී ගැනීමට ඒ අනුව අවස්ථාව ලැබෙනු ඇත.

    පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් (10,000) වෙ‍ෙළඳපොළට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දහ (5000) බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළඳපොලට යොමු කරනු ඇත.

    මීට අමතර කුරුණැගල වැවිලි සමාගම මැදිහත්ව අද (22) දින පොල් ගෙඩි 1500 බැගින් දිනපතා සැපයිමට කටයුතු සුදානම් කර ඇති අතර හෙට සිට හලාවත වැවිලි සමාගම දිනකට ගෙඩි 3000 බැගිනුත් දිනපතා ලබාදීමට එකඟ වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.