Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහාධිකරණ විනිසුරුට අපහාසාත්මක පෝස්ටර් ඇලවූ සැකකරු නිවසින් පළා ගිහින්
    Featured

    මහාධිකරණ විනිසුරුට අපහාසාත්මක පෝස්ටර් ඇලවූ සැකකරු නිවසින් පළා ගිහින්

    By LFNOctober 21, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව දන්වා සිටියේය.

    ප්‍රධාන සැකකරු මේ වන විට සිය නිවසේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන මෙහෙයවන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් බව පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සාක්ෂිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගියහොත් පොලීසියට නඩු ඔප්පු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වර්තමානයේ පොලීසිය විසින් පවරන නඩු බොහොමයක් අසාර්ථක වන්නේ මේ නිසා බවත් පෙන්වා දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතර දෙනකු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

    සෙසු සැකකරුවන් හතර දෙනා තවදුරටත් නොවැම්බර් මස 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.