Author: LFN
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකුගේ මියයාමේ සිදුවීම ඝාතනයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි. ඒ සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට හලාවත පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ ඊයේ (20) අලුයම 6ට පමණය. ඒ අනුව හලාවත පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන තිබුණි. අනතුරුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි. එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා, 44…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය හෙට (21) උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය හෙට උදෑසන 10න් අවසන් වෙනවා. එතකොට හෙට උදේ 10 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලඝනය කරමින් හෙට උදෑසන…
ගෙවීගිය පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ එම අනතුරු මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පවසයි. මොරොන්තුඩුව – හොරණ මාර්ගයේ පරගස්තොට මහවෙල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ. මිල්ලනිය දෙස සිට මොරොන්තුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව වංගුවක් සහිත ස්ථානයකදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇදී ගෙන ගොස් බෝක්කුවක ගැටී එම අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, ගෝනදූව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 21ක් වූ තරුණයෙකි. මේ…
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම-නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හෙට (21) දිනයේදී වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි පසුව, එම පද්ධතිය වයඹ දිශාවට ගමන් කරමින්, ඔක්තෝබර් 23 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය…
උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර වන බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එල්ල වූ බරඅවි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණයක් විනාශ වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය එල්ලවූ ස්ථානය හමාස් ත්‍රස්තවාදී ඉලක්කයක් බවය.
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බවය. මියගොස් ඇත්තේ අවුරුදු 42ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙක්, 40ක් පමණ වයසැති කාන්තාවක් සහ 15ක් පමණ වයසැති තරුණියක් බව සඳහන්ය. ඊයේ (19) රාත්‍රී නිවසේ ඇති වු ගින්නකින් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 300කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ ගතවු පැය 24තුළ ලැබී ඇති පැමිණිලි 53ක් ද සමඟින් මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 343ක් බවය. ගතවු පැය 24 තුළ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 21ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 32ක් ලැබී ඇති බව සදහන් වේ. ඒ අනුව ඔක්තෝබර් මස 18 වන දින සිට මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් ලැබී නොමැති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පමණක් අදාළ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන්…
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවය. “නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. යම් අපේක්ෂකයෙක් මියගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාවක් තියනවා. පිල් මාරු කිරීම් සහ වෙනත් කාරණා පිළිබඳව නීතිමය සීමාව තුළ පමණයි අපිට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ.”
විදෙස් ගත ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ලබුගම, නිරිපොළ ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ලලිත් කන්නංගර නැමැත්තා සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව භාණ්ඩ සොරකම් කිරීම් ද මොවුන් විසින් සිදුකර ඇති අතර එක් සැකකරුවෙකු අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබු අයෙකු බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. 22 හැවිරිදි හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 08කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ. සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා හංවැල්ල…