Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එකම පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?
    Featured

    එකම පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?

    By LFNOctober 21, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකුගේ මියයාමේ සිදුවීම ඝාතනයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

    ඒ සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට හලාවත පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ ඊයේ (20) අලුයම 6ට පමණය.

    ඒ අනුව හලාවත පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන තිබුණි.

    අනතුරුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

    එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා, 44 හැවිරිදි මංජුලා නිරෝෂනී නම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂා යන නිවැසියන් බවට හඳුනාගනු ලැබීය.

    මවගේ මළ සිරුර නිවසේ පහත මාලයේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගැණුනු අතර පොලීසිය සඳහන් කළේ ඇගේ ගෙල කපා දමා තිබූ බවය.

    පියා සහ දියණියගේ මළ සිරුරු හමුවී තිබුණේ නිවසේ සාලයේ තිබියදීය.

    මියගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් වන අතර ප්‍රදේශයේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කර ඇත.

    ඇගේ සැමියා ඉඩම් හා රථවාහන ව්‍යාපාරයක නිරතව සිටි අයෙකි.

    හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබු ඔවුන්ගේ දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබේ.

    මීට මසකට පමණ පෙරද මෙම නිවසේ තිබූ ලක්ෂ 25ක පමණ රන් ආභරණ අතුරුදහන්වී තිබූ බවයි.

    නිවසට කිසිවෙකු හෝ පිටතින් ඇතුළු නොවී තිබියදී එලෙස රන් භාණ්ඩ අතුරුදන් වීම මේ දක්වා නොවිසඳුණු අබිරහසක්ව පවතියි.

    ඊයේ දහවල් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු හලාවත මූලික රෝහල වෙත රැගෙන යනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202602 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.