Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රිය අනතුරුවලින් සිව් දෙනෙකු මියගොස්
    Featured

    රිය අනතුරුවලින් සිව් දෙනෙකු මියගොස්

    By LFNOctober 20, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවීගිය පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ එම අනතුරු මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පවසයි.

    මොරොන්තුඩුව – හොරණ මාර්ගයේ පරගස්තොට මහවෙල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.

    මිල්ලනිය දෙස සිට මොරොන්තුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව වංගුවක් සහිත ස්ථානයකදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇදී ගෙන ගොස් බෝක්කුවක ගැටී එම අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, ගෝනදූව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 21ක් වූ තරුණයෙකි.

    මේ අතර යාපනය පේදුරුතුඩුව කට්ටපිරායි ප්‍රදේශයේදී පේදුරුතුඩුව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදික කාන්තාව බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, කට්ටපිරායි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 68ක් වූ කාන්තාවකි.

    මේ අතර කරන්දෙණිය පොලිස් වසමේ බොරකන්ද අමරකීර්තිගම මාර්ගයේ අමරකීර්තිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව අනතුරින් පාපැදිකරු මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 81 ක් වූ අමරකීර්තිගම, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇල්දෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ලොරි රථය ගැටී පැදිකරු මාර්ගයට ඇද වැටී එම ලොරි රථයේ පිටුපස රෝදයටම යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    එම අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කිරිල්ලවල, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.