Author: LFN

වැලිගම කප්පරතොට ධිවර වරායේ නැංගුරම්ලා තිබූ ධිවර යාත්‍රාවක් ඊයේ (17) පස්වරුවේදී අනතුරකට පත්ව තිබේ. මේ දිනවල මුහුදේ පවතින දැඩි රළ ස්වභාවය හේතුවෙන් මෙම ධීවර යාත්‍රාව දියේ ගිලී ඇත. මේ හේතුවෙන් එම ධීවර යාත්‍රාවට බරපතළ හානි සිදුව ඇතැයි ධීවරයින් පවසයි. මෙම ධීවර යාත්‍රාව කප්පරතොට ධීවර වරායේ නැංගුරම්ලා තිබියදී සිදුවු සිදුවීමක් හේතුවෙන් කිසිවෙකුට හානියක් නොමැති බව ද වාර්තා වේ.

Read More

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය. රාත්‍රී තරගයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්විණි. මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරග ඉතිහාසයේ ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි. දෙරට අතර පළමුවෙන්ම ද්විපාර්ශ්වීය විස්සයි20 තරගාවලියක් පැවැත්වූයේ 2015 වසරේදී ශ්‍රී ලංකාවේදීය. තරග දෙකකින් යුත් එම තරගාවලිය තරග 1-1ක් ලෙස සමත් තත්ත්වයෙන් අවසන් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලිය තරග…

Read More

හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය. ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ‍ බව එහි වැඩිදුරටත් දැක්වේ. තම ප්‍රහාරයකින් හමාස් නායක යහියේ සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුණි. එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.

Read More

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට පියවර ගෙන ඇත. ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක ය. ඒ අනුව සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා සත 25ක බද්දක්ද, සම්පුර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට සත 25ක බද්දක්ද පනවා තිබේ. උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද එමගින් පනවා ඇත. තවද කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස්…

Read More

රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු හිටපු බන්ධනාගාර නිලධාරියෙකු රුවන්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහර බන්ධනාගාරයේ, බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට 2019 වසරේ දී ඉන් ඉවත්වූ පුද්ගලයෙකි. ඉන්පසුව මෙම පුද්ගලයා සිය රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට ඇති බව අනාවරණය වී තිබේ. යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉඹුලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එහිදී මෙම පුද්ගලයා සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,500 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600 ක්, ගංජා සහ කිරුම් උපකරණ කිහිපයක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ. වැටලීම කරන…

Read More

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ මහතා ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන යන්නේ…

Read More

පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් එම අධිකාරිය මේ කරුණු හෙළිදරව් කළේය. මෑත ඉතිහාසයේ මෙරට සාගර කලාපයට දැඩි හානි සිදුකළ නෞකා අනතුරු දෙකක් වන්නේ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් නිව් ඩයමන්ඩ් නෞකාව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී අනතුරට ලක්වුණි. එසේම, 2021 වසරේ මැයි මාසයේදී සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වුණි. මෙම නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී…

Read More

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පස්සර මහේස්ත්‍රාත් උදිත සම්පත් ගුණතිලක මහතා නියෝග කළේය. මඩොල්සිම බටාවත්තේ පදිංචි 34 හැවිරිදි එක්දරු පියෙකු සහ රථ වාහන බ්‍රෝකර්වරයෙක් වන මඩොල්සිම බටාවත්තේ පදිංචි 39 හැවිරිදි සිව්දරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක් විය.

Read More

අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) දිනයේ මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිට පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී එම පොලිස් බලප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා ඇත. සැකකරු ඒ සඳහා මසකට රුපියල් 100,000/= ක අල්ලස් මුදලක් ලබා දීමට කැමති බවත් වැඩබලන ස්ථානාධිපතිට පවසා තිබේ. ඒ අනුව, වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කර ඇත. වැඩබලන ස්ථානාධිපතිවරයා සැකකරු පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර එහිදී සැකකරු විසින් රුපියල් 50,000ක මුදලක් වැඩබලන ස්ථානාධිපතිවරයා ලබා දීමට උත්සාහ කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට…

Read More