Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට ඉතිහාසයේ නොලැබූ තරගාවලි ජයක්
    Sport

    ශ්‍රී ලංකාවට ඉතිහාසයේ නොලැබූ තරගාවලි ජයක්

    By LFNOctober 18, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය.

    රාත්‍රී තරගයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්විණි.

    මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

    ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි20 තරග ඉතිහාසයේ ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.

    දෙරට අතර පළමුවෙන්ම ද්විපාර්ශ්වීය විස්සයි20 තරගාවලියක් පැවැත්වූයේ 2015 වසරේදී ශ්‍රී ලංකාවේදීය.

    තරග දෙකකින් යුත් එම තරගාවලිය තරග 1-1ක් ලෙස සමත් තත්ත්වයෙන් අවසන් විය.

    කෙසේ නමුත් ඉන් අනතුරුව 2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලිය තරග 2-0ක් ලෙසත්, 2021 වසරේදී කොදෙව් දූපත්හිදී පැවති තරගාවලිය තරග 2-1ක් ලෙසිත් ශ්‍රී ලංකාව පරාජය විය.

    ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් විය.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

    ශ්‍රී ලංකාව ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉලක්කය සම්පූර්ණ කරගන්නා විටත් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය.

    කුසල් ඊයේ රැස්කළේ ඔහුගේ 15වැනි විස්සයි20 අර්ධ ශතකය විය.

    මෙහිදී කුසල් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් පැවැත් වූ කුසල් පෙරේරාද සිය විස්සයි20 දිවියේ 15වැනි අර්ධ ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 55ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.