Author: LFN

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට ඇතුළත් කර තිබු බවයි. එම කාන්තාව 49 හැවිරිදි මුගුණුවටවන පදිංචිකාරිනියකි. මෙම මරණය සම්බන්ධයෙන් එම කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් ව සහ එම අවස්ථාවේ මාර්ගයේ මෝටර් රථයකින් ගමන්කළ පුද්ගලයෙක් ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවය. “ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්, එම ආහාර උණුවෙන් සකස් කර ගන්නා ලද ආහාර පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පාලනය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දිනවලදී ඔබගේ ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම්…

Read More

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමුකරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම හේතුවෙන් බව රජය පවසයි. කෙසේවෙතත් අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳ විමර්ශන ඉදිරියේදී යළිත් වරක් ආරම්භ කරන බව රජය පවසයි. දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය. “කිසිදු අපරාධමය කටයුත්තක් සම්බන්ධයෙන් පරීක්ෂණ නොකර ඉන්නේ නෑ. ඒ නිසා සියලුම පසුගිය කාලයේ සිදුවු තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය එවැනි දේ පිළිබඳ අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ…

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹපළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

තායිවානය වට කරමින් ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් චීනය ඊයේ ක්‍රියාත්මක කළ යුද අභ්‍යාසයට අමෙරිකාව දැඩි විරෝධය පළ කර තිබේ. ඒ අනුව අමෙරිකාව පවසන්නේ චීනයේ ක්‍රියාවන් අනවශ්‍ය අවදානමක් ඇති කරන බවය. චීනය පවසා තිබුණේ තායිවානය වට කිරීම තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක් බවය. ඊයේ දිනයේ පමණක් චීනයේ ප්‍රහාරක ගුවන් යානා 12ක් පමණ සිය රට ආසන්නයේ පියාසර කළ බවද තායිවානය පවසා ඇත.

Read More

මාතර කැකනදුර ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිනි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

Read More

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනෙකි. පැපිලියාන ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ, අධිකරණ මගින් යොමුකරන ලද ළමුන් 12 දෙනෙකු නේවාසිකව රඳවා සිටී. එහි පරිපාලන කටයුතු සඳහා කළමනාකාරවරියක් හා ප්‍රධාන පාලිකාවක් සිටින අතර, මුරකරු ලෙස කටයුතු කර තිබුණේ, සික්කු හේවගේ පියදාස ඩයස් නමැති අයෙකි. ඊයේ (15) අලුයම ඔහු ළමා නිවාසයේ නොසිටීම හේතුවෙන් එහි භාරකරුවන් සහ ළමුන් එක්වී එම පරිශ්‍රය පරීක්ෂා කර ඇත. එහිදී ඝාතනයට ලක්වූ මුරකරු පළමුවෙන් දැක තිබුණේ, එහි නේවාසිකව සිටින…

Read More

2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “ඡන්දෙ කිට්ටු කරලා පසුගිය කැබිනට් මණ්ඩලය එකපාරටම තීන්දුවක් ගත්තා… රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා… ජනවාරි මාසයේ සිට. නමුත් අපි සොයා බැලුවම මුදල් අමාත්‍යාංශය කිසිම අනුමැතියක් දීලා නැහැ. ඇත්තටම ජනතාව රවට්ටපු දෙයක් මේ වෙලා තියෙන්නේ.” “අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ…මුදල් තත්ත්වය බලලා තමයි තීරණය…

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය. පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තේය. තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163කි. ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක්…

Read More

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි. රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස…

Read More