Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුද්ගල ඝාතනයකට ළමුන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට
    Featured

    පුද්ගල ඝාතනයකට ළමුන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

    By LFNOctober 16, 2024No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනෙකි.

    පැපිලියාන ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ, අධිකරණ මගින් යොමුකරන ලද ළමුන් 12 දෙනෙකු නේවාසිකව රඳවා සිටී.

    එහි පරිපාලන කටයුතු සඳහා කළමනාකාරවරියක් හා ප්‍රධාන පාලිකාවක් සිටින අතර, මුරකරු ලෙස කටයුතු කර තිබුණේ, සික්කු හේවගේ පියදාස ඩයස් නමැති අයෙකි.

    ඊයේ (15) අලුයම ඔහු ළමා නිවාසයේ නොසිටීම හේතුවෙන් එහි භාරකරුවන් සහ ළමුන් එක්වී එම පරිශ්‍රය පරීක්ෂා කර ඇත.

    එහිදී ඝාතනයට ලක්වූ මුරකරු පළමුවෙන් දැක තිබුණේ, එහි නේවාසිකව සිටින දරුවෙකි.

    මෙම සිද්ධිය සිදුවීමට පෙර අද අලුයම ළමා නිවස ආසන්නයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කර ඇති අතර, එය සොරාගත් පුද්ගලයා අදාළ ළමා නිවාසය තුළට දිවයන ආකාරය දුටු බව ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් අලුයම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව පොලිස් නිලධාරීන් ළමා නිවාසයේ පාලිකාවගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇත්තේ, ඊයේ අලුයම 4.30ට පමණය.

    ඊයේ පෙරවරුවේ මුරකරුගේ මළ සිරුර ළමා නිවාසයේ ළිඳ ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේ එවැනි පසුබිමක් තුළදීය.

    ඝාතනය සම්බන්ධයෙන් ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 17ක ප්‍රධාන සැකකරු සහ අවුරුදු 16ක පිරිමි ළමයෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සෙසු ළමුන්ගෙන් වෙන් කර වෙනත් කාමරයක රඳවා සිටි ප්‍රධාන සැකකරු සිය කාමරයේ ජනේලයේ රාමුව ගලවා පිටතට පැමිණ මුරකරු ඝාතනය කර ඇති බවය.

    ඒ බාහිරින් පැමිණි අයෙකු විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලීසියට ඒත්තු ගැන්වීමේ අරමුණෙනි.

    සැකකාර ළමුන්ගේ අරමුණ වී තිබුණේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථයෙන් මළසිරුර බෙල්ලන්විල වැවට දැමීමය.

    ත්‍රිරෝද රථයේ හිමිකරු පැමිණීම හේතුවෙන් එය සොරකම් කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් සැකකරුවන් මළසිරුර ළමා නිවාසයේ ළිඳ අසල දමා නැවතත් සිය කාමරවලට පැමිණ නිදාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ, අදාළ ඝාතනයට ළමා නිවාසයේ සිටින තවත් ළමයෙකු සම්බන්ධ වී ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන පවත්වන බවය.

    ඝාතනයට ලක්වූ වයස අවුරුදු 80ක් වූ සික්කු හේවගේ පියදාස ඩයස් දෙදරු පියෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් සංජය ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.