Author: LFN
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද (15) පෙරවරු 7ට පමණ මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර දුම්රියේ එංජිම මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්ය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් බලාපොරොත්තු අතහැර දැමීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට සිදුවිය. මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරග අවසන් කරමින් නවසීලන්තය හා පාකිස්තානය අතර තරගය ඊයේ (14) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත් වූ අතර, මෙම තරගයෙන් ලකුණු 54ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය. පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 110ක් රැස් කළේය. කෙසේ නමුත් ලකුණු 111ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 11.4කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 56ක් පමණි. පාකිස්තාන කණ්ඩායම ලකුණු 56ක දැවීයාම සැලකෙන්නේ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසය. මෙම ජයත් සමග අවසන්…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට පමණ මේ වන විට වැසි සහිත කාලගුණ තත්ත්වය බලපා තිබේ. ඒ හේතුවෙන් කොළඹ, කළුතර, ගාල්ල, මාතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයන් ඇතිවිය. ගතවූ පැය 24 තුළ මිලිමීටර් 126.1ක් වූ වැඩිම වර්ෂාපතනය අම්පාර කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා විය. කැලණි ගඟ පිටාරගැලීමෙන් කැලණිමුල්ල, කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගය ජාඇල කොටුගොඩ මංසන්ධිය ද ජලයෙන් යටවිය. කෙසේවෙතත් ගම්පහ නගරයේ පැවති ගංවතුර ක්‍රමයෙන් මේ වනවිට බැසයමින්…
අතපසුකිරීමක් හෝ නොසැලකිලිමත් කමක් ජීවිතයක් අහිමිවීමෙන් වුවද කෙළවර විය හැකිය. එලෙස නොසැලකිල්ලක් නිසා යුවතියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ඛේදජනක පුවතක් බත්තරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 30 හැවිරිදි හංසිනී භාග්‍යා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක්ය. රාජකාරිය නිමාකොට හංසිනී පසුගිය 11 වැනිදා පස්වරු 6.40ට පමණ තම නවාතැන වෙත පැමිණ තිබුණේය. ඇය තවත් හිතවතියක් සමග නවාතැන් ගෙන සිටින්නේ බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මාලයේය. හංසිනී සිය රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිට ඇති අතර, නාන කාමරයේ සිට ඇති මිතුරියට කෑගැසීමක් ඇසී තිබෙන්නේ යමක් ඇදවැටෙන ශබ්දයක් ද සමගින්ය. වහා නාන කාමරයෙන් ඉවතට පැමිණ බැලූ මිතුරියට සිය ඇස් අදහාගත නොහැකි වී ඇත්තේ නවාතැන…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් අද (15) වසා තැබීමට තීරණය කර ඇත. දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්‍රියාත්ම කරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය සඳහන් කළේය. ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ බලපිටිය කනිෂ්ඨ විද්‍යාලය, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදූව කනිෂ්ඨ විද්‍යාලය, හික්කඩුව මලවැන්න විද්‍යාලය, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය වසා තැබෙන ඇත. මීට අමතරව ගාල්ල අධ්‍යාපන කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලයද වසා තැබීමට තීරණය කර තිබේ.
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 තරමක තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් අද දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර…
ගාල්ල, ඇල්පිටිය නගරය තුල දැඩි රථ වාහන තදබදයක් දෛනිකව නිර්මාණය වන අතර, මෙය අම්බලන්ගොඩ සිට ඇල්පිටිය දක්වා දිවෙන B14 මාර්ගයේ ඇල්පිටිය නගරය ආසන්නයෙන් මාර්ගය පටු වීම හේතුවෙන් සිදුව ඇති බවට වාර්තාවේ. මෙම තත්වය යටතේ ඇල්පිටිය නගරය වෙත පැමිණෙන රථ වාහන සහ ජනතාව හට දැඩි රථ වාහන තදබදයකට මුහුණ දීමට සිදුව තිබීම හේතුවෙන් මහ ජනතාවගේ අවශ්‍යතාවයන් නියමිත වේළාවන් තුල සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවට ජනතාව මැසිවිලි නගයි. දීර්ඝ කාලයක සිට පවතින මෙම රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස ජනතාව විසින් මෙම මාර්ගය රථ වාහන ධාවනය කිරීමේ (One Way) තනි මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ විකල්ප මාර්ගයක් ලෙස…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ අද (14) දිනයේ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවය. ඒ අනුව, එය ඉදිරි දින 2 තුළ හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති අතර බටහිර-වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරන බව එම නිවේදනයේ සඳහන් වේ. උතුරු අක්ෂාංශ 06ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා…
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව දියුණු කර තිබුණි. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණි.