Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට
    Sport

    ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට

    By LFNOctober 15, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් බලාපොරොත්තු අතහැර දැමීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට සිදුවිය.

    මෙම තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරග අවසන් කරමින් නවසීලන්තය හා පාකිස්තානය අතර තරගය ඊයේ (14) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත් වූ අතර, මෙම තරගයෙන් ලකුණු 54ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය.

    පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 110ක් රැස් කළේය.

    කෙසේ නමුත් ලකුණු 111ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 11.4කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 56ක් පමණි.

    පාකිස්තාන කණ්ඩායම ලකුණු 56ක දැවීයාම සැලකෙන්නේ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසය.

    මෙම ජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.

    නවසීලන්තය මෙම තරගය යම් හෙයකින් පරාජය වූවානම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේ ඉන්දියාවටය.

    ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ක්‍රීඩාකළ තරග 4ම ජයගත් ඔස්ට්‍රේලියාව පෙරමුණ හිමිකරගත් අතර, ඔස්ට්‍රේලියාවට පමණක් පරාජය වූ නවසීලන්තය එහි දෙවැනි ස්ථානයට පත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.