Author: LFN
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබේ. ඒ අනුව ඉදිරි පැය 48 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි පැය 48 සඳහා දෙහිඕවිට, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කර ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
කළුතර දකුණ, කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රී දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව පොලිසියේ අවධානය යොමුව තිබේ. ඊයේ (12) රාත්‍රියේ බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ, කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි පියා සහ ඔහුගේ අවුරුදු 01 යි මාස 10ක් වයසැති පුත්‍රයා මෙන්ම තවත් 49 හැවිරිදි පුද්ගලයෙකි. පියා සහ පුත්‍රයා දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ රැඳී සිටියදී එම අනතුරට මුහුණපා ඇති අතර ඔවුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සාහකළ 49 හැවිරිදි අසල්වැසියෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්වුණි. වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීය.…
අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවයි. ආලේපන වර්ග වෙළදාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සදහන් කළේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල බණ්ඩාර මහතා, “විශේෂයෙන් සමාජ මාධ්‍යට ගියොත් දකින්න ලැබෙනවා වෙළෙඳ දැන්වීම් එනවා ඉතාමත් ලස්සන කාන්තාවක් ඇවිල්ලා මම…
අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා. සැකකරු ආරච්චිකට්ටුව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ. ඊයේ (12) අලුයම් කාලයේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට පැමිණ අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අවස්ථාවේදී කැනේඩියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ බවට කැනඩා අගමැති කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. ආසියාන් සමුළුවට සමගාමීව ලාඕසයේදී මෙම හමුව සිදුවී ඇති අතර එහිදී නායකයන් දෙදෙනා සුබපැතුම් හුවමාරු කරගෙන ඇත. ඉන්දීය බලධාරීන්ගේ අනුදැනුම මත කැනඩාවේදී ඝාතනය කළ බව කියවෙන, සික් බෙදුම්වාදී නායකයාගේ මරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයන් අතර මෙම මතගැටුම් ආරම්භ වී තිබුණි.
ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන හා අවසන් 20යි 20 තරගය ඉන්දියාවේ, හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ඊයේ (12) පැවැත්විය. එම තරගයේදී අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය හිමි රටක් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඔවුන් පන්දුවාර 20 තුලදී ලකුණු 297ක් රැස් කිරීමට කණ්ඩාම සමත්විය. මෙම තරගයේදී ලකුණු 298ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 133කින් පරාජයට පත්විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 297ක් රැස් කළේය. මෙහිදී ඉන්දීය කණ්ඩායම පවර්ප්ලේ (පන්දුවාර 6) අවස්ථාවේදී එක් කඩුල්ලකට ලකුණු 82ක් රැස්කිරීමට සමත්…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද දැනුම්දී තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබාගත හැකි බවත් පැවසීය.…
කළුතර දකුණ, කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දී දුම්රියේ ගැටී කුඩා දරුවෙකු, ඔහුගේ පියා සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (12) පස්වරුවේ බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ඔවුන් මියගොස් ඇති බවය. අදාළ පුද්ගලයින් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබුණි. දුම්රියේ ගැටීමෙන් තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මියගොස් ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි සහ 47 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ අවුරුදු 2ක් වයසැති දරුවෙකු බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන්…
ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත වූ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ (12) සමත් වුණි. ඒ මහනුවර කුණ්ඩසාලේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකදී ය. පොලීසිය පැවසුවේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව සැකකාර චීන ජාතිකයින් පිරිස හෝටලයේ වෙනම කලාපයක් වෙන් කරවාගෙන එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති බවය. අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා විය. එලෙස සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචාවල යෙදී සිටි විදෙස් ජාතිකයින් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී හැකිවුණි. මෙවන් පසුබිමක අන්තර්ජාල වංචා සිදුකළ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු…
කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ. එහි ආසන්නතම සිදුවීම පසුගිය (11) වැලිවේරියෙන් වාර්තාවී ඇති අතර එහිදී සිදුවී ඇත්තේ, අදාළ සොරුන් නිවසකට ඇතුළු වී කාන්තාවකට සිය දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළායෑමය. වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට පසුගිය 11 අලුයම 2ට පමණ සොරුන් දෙදෙනෙකු එලෙස ඇතුළු වී තිබුණි. එලෙස පැමිණි සොරුන් දෙදෙනා තියුණු ආයුධ පෙන්වා එම නිවසේ සිටි සැමියාගේ හා සිව් හැවිරිදි දරුවාගේ දෙඅත් ගැටගසා කටට පාංකඩ ඔබා ඇති බව පොලීසිය පැවසීය. අනතුරුව නිවසේ සිටි බිරියව ඔවුන් දෙදෙනා ඉදිරිපටදීම අතවරයට ලක් කර තිබේ. අලුයම 2…