Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ රැසක භීතිය පතුරුවන සොරු
    Featured

    ප්‍රදේශ රැසක භීතිය පතුරුවන සොරු

    By LFNOctober 13, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

    එහි ආසන්නතම සිදුවීම පසුගිය (11) වැලිවේරියෙන් වාර්තාවී ඇති අතර එහිදී සිදුවී ඇත්තේ, අදාළ සොරුන් නිවසකට ඇතුළු වී කාන්තාවකට සිය දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළායෑමය.

    වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට පසුගිය 11 අලුයම 2ට පමණ සොරුන් දෙදෙනෙකු එලෙස ඇතුළු වී තිබුණි.

    එලෙස පැමිණි සොරුන් දෙදෙනා තියුණු ආයුධ පෙන්වා එම නිවසේ සිටි සැමියාගේ හා සිව් හැවිරිදි දරුවාගේ දෙඅත් ගැටගසා කටට පාංකඩ ඔබා ඇති බව පොලීසිය පැවසීය.

    අනතුරුව නිවසේ සිටි බිරියව ඔවුන් දෙදෙනා ඉදිරිපටදීම අතවරයට ලක් කර තිබේ.

    අලුයම 2 සිට 4 පමණ තෙක් සොරුන් දෙදෙනා නිවස තුළ සිට පිටවගොස් ඇත්තේ, නිවසේ තිබූ වටිනා භාණ්ඩ තොගයක් ද සොරාගනිමිනි.

    නිවැසියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    එහිදී අනාවරණ වී ඇත්තේ, මෙම සොරුන් දෙදෙනා මින් පෙරත් වැලිවේරිය, දොම්පේ සහා මල්වතුහිරිපිටිය යන ප්‍රදේශවල සොරකම් සිදුකර ඇති බවය.

    එම සොරුන් දෙදෙනා නිවෙසකට ඇතුළුවීමට උත්සාහ දරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

    සොරුන් දෙදෙනා මින් පෙරත් අදාළ නිවෙස්වල සොරකම් සිදුකර ඇති බවට වාර්තාවන බව පොලීසිය සඳහන් කළේය.

    කෙසේවෙතත් මේ වනවිට පොලීසිය දැඩි අරබුදයකට මුහුණ දී සිටී.

    ඊට හේතුවී ඇත්තේ මෙම සොරුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණ කරගෙන පැමිණීම නිසා කිසිඳු තොරතුරක් සොයාගැනීමට නොහැකිවීමය.

    ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක් එම සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පත්කර ඇති අතර එම සොරුන් දෙදෙනා සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වෙතොත් ළඟම පොලීසියට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.