Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවේදී ඔන්ලයින් ජාවාරම් මෙහෙයවන චීන්නු ගැන තවත් තොරතුරු
    Featured

    ලංකාවේදී ඔන්ලයින් ජාවාරම් මෙහෙයවන චීන්නු ගැන තවත් තොරතුරු

    By LFNOctober 13, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත වූ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ (12) සමත් වුණි.

    ඒ මහනුවර කුණ්ඩසාලේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකදී ය.

    පොලීසිය පැවසුවේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව සැකකාර චීන ජාතිකයින් පිරිස හෝටලයේ වෙනම කලාපයක් වෙන් කරවාගෙන එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති බවය.

    අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා විය.

    එලෙස සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචාවල යෙදී සිටි විදෙස් ජාතිකයින් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී හැකිවුණි.

    මෙවන් පසුබිමක අන්තර්ජාල වංචා සිදුකළ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ පිහිටි සංචාරක හෝටලයක දී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

    අත්අඩංගුවට ගත් පිරිස අතරට චීන ජාතික තරුණියන් 17 දෙනෙකු ද අයත්ය.

    කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් චීන ජාතිකයින් කිහිපදෙනෙක් එම ස්ථානය පිටුපසින් ගලාබසින මහවැලි ගඟ දෙසින් පළා ගොස් තිබුණි.

    පොලීසිය පැවසුවේ, වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ලැප්ටොප් 120ක්, පරිගණක 14ක් සහ ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවය.

    මෙම වැටලීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ සොයා බැලීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණය විය.

    සැකකාර චීන ජාතිකයින් පිරිස ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති අතර එහි කාමර 47ක්, ප්‍රධාන උත්සව ශාලාව, භෝජනාගාරය, පිහිනුම් තටාකය ඇතුළු ස්ථාන භාවිත කරමින් හෝටල් කාර්ය මණ්ඩලයට හෝ පිටස්තර පිරිස් වෙත ඇතුළුවිය නොහැකි තහනම් කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

    ඒ අනුව අනාවරණය වී ඇත්තේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති අතර දෙපාර්ශ්වය අතර සන්නිවේදනය සඳහා චීන ජාතික භාෂා පරිවර්තකවරියක් ද යොදා ගෙන ඇති බවය.

    දින අටකට වරක් හෝටල් ගාස්තු ගෙවීමේ එකඟතාවක් මත මෙම චීන ජාතිකයින් පළමු දින 8 ට පමණක් ආහාරපාන සඳහා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 46කි.

    විමර්ශන කණ්ඩායම් පැවසුවේ, ඊයේ සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතරට පසුගියදා හම්බන්තොට මෙවැනි ස්ථානයක සිදුකළ වැටලීම අතරතුර පළාගිය චීන ජාතිකයින් 26 දෙනා ද හමුවූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.