Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවේදී ඔන්ලයින් ජාවාරම් මෙහෙයවන චීන්නු ගැන තවත් තොරතුරු
    Featured

    ලංකාවේදී ඔන්ලයින් ජාවාරම් මෙහෙයවන චීන්නු ගැන තවත් තොරතුරු

    By LFNOctober 13, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත වූ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ (12) සමත් වුණි.

    ඒ මහනුවර කුණ්ඩසාලේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකදී ය.

    පොලීසිය පැවසුවේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව සැකකාර චීන ජාතිකයින් පිරිස හෝටලයේ වෙනම කලාපයක් වෙන් කරවාගෙන එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති බවය.

    අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා විය.

    එලෙස සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචාවල යෙදී සිටි විදෙස් ජාතිකයින් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී හැකිවුණි.

    මෙවන් පසුබිමක අන්තර්ජාල වංචා සිදුකළ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ පිහිටි සංචාරක හෝටලයක දී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඒ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

    අත්අඩංගුවට ගත් පිරිස අතරට චීන ජාතික තරුණියන් 17 දෙනෙකු ද අයත්ය.

    කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් චීන ජාතිකයින් කිහිපදෙනෙක් එම ස්ථානය පිටුපසින් ගලාබසින මහවැලි ගඟ දෙසින් පළා ගොස් තිබුණි.

    පොලීසිය පැවසුවේ, වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ලැප්ටොප් 120ක්, පරිගණක 14ක් සහ ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවය.

    මෙම වැටලීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ සොයා බැලීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණය විය.

    සැකකාර චීන ජාතිකයින් පිරිස ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති අතර එහි කාමර 47ක්, ප්‍රධාන උත්සව ශාලාව, භෝජනාගාරය, පිහිනුම් තටාකය ඇතුළු ස්ථාන භාවිත කරමින් හෝටල් කාර්ය මණ්ඩලයට හෝ පිටස්තර පිරිස් වෙත ඇතුළුවිය නොහැකි තහනම් කලාපයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

    ඒ අනුව අනාවරණය වී ඇත්තේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති අතර දෙපාර්ශ්වය අතර සන්නිවේදනය සඳහා චීන ජාතික භාෂා පරිවර්තකවරියක් ද යොදා ගෙන ඇති බවය.

    දින අටකට වරක් හෝටල් ගාස්තු ගෙවීමේ එකඟතාවක් මත මෙම චීන ජාතිකයින් පළමු දින 8 ට පමණක් ආහාරපාන සඳහා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 46කි.

    විමර්ශන කණ්ඩායම් පැවසුවේ, ඊයේ සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතරට පසුගියදා හම්බන්තොට මෙවැනි ස්ථානයක සිදුකළ වැටලීම අතරතුර පළාගිය චීන ජාතිකයින් 26 දෙනා ද හමුවූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.