Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තාවන් ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා කොටුකර ගනී
    Featured

    කාන්තාවන් ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා කොටුකර ගනී

    By LFNOctober 17, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර කර නිවාසවල භාණ්ඩ සොරාගත් දෙදෙනෙකුගෙන් යුත් කල්ලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, 21 හැවිරිදි තරුණයා හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ඔහුගේ සුළු පියා මෙලෙස මෙම සොරකම් සිදුකරන බවයි.

    කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට මාධ්‍ය පසුගිය සෙනසුරාදා අනාවරණ කළේය.

    එහි ආසන්තම සිදුවීම වාර්තාවුණේ පසුගියදා වැලිවේරිය ප්‍රදේශයෙනි.

    එහි නිවසකට ඇතුළු වූ සොරුන් දෙදෙනා කාන්තාවකට සිය සිව්හැවිරිදි දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබුණි.

    ඒ වනවිටත් පොලිස් කණ්ඩායම් රැසක් බස්නාහිර පළාත. උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය හා ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

    අදාළ සොරුන් දෙදෙනාගේ ගමන්මග සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ මල්වතුහිරිපිටිය පොලීසියේ ස්ථානාධිපතිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින 6ක නිදිවර්ජිත මෙහෙයුමකින් අනතුරුව ඊයේ (16) අලුයම ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකා පළා යමින් සිටියදී ය.

    ඒ වනවිටත් ඔවුන් දෙදෙනා සොරකම් සඳහා සැරසීයන නින්ජා ඇඳුමට සමාන ඇඳුමක් හැඳසිටි බව පොලීසිය පැවසීය.

    ඔවුන් සතුව තිබී සොරකම් කරන අවස්ථා සඳහා භාවිත කරන ලද අවි ආයුධ කිහිපයක් ද සොයාගැනුණි.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ, පසුගිය සැම්තැම්බර් 14 වනදා දොම්පේ ප්‍රදේශයේ නිවසකට ජනේලයක් ගලවා ඇතුළු වී රුපියල් ලක්ෂ 40ක පමණ දේපොළ කොල්ලකෑ බවයි.

    එම අවස්ථාවේදී අදාළ නිවසේ සිටි කාන්තාවගේ ඇඳුම් කපාදමා ඇයගේ සැමියා හා දරුවා ඉදිරිපිටදී අතවර කර පළාගිය බවද ඔවුන් පවසා ඇති බව සඳහන් ය.

    අනතුරුව සොරුන් දෙදෙනා මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ තවත් නිවසකට පෙර අයුරින්ම ඇතුළු වී එහි සිටි කාන්තාවගේ සහ සැමියාගේ ඇඳුම් ගලවා ගැටගසා එහි වූ දේපොළ සොරකම් කර තිබුණි.

    අනතුරුව සැකකරුවන් දෙදෙනා එහි සිටි කාන්තාවට අතවර කිරීමට සූදානම්වන අවස්ථාවේදී ඇයගේ සැමියා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ, ඇය මාස 3ක දරුවකු සිටින මවක් බැවින් අතවර නොකරන ලෙසයි.

    පසුව ඔවුන් නිවසෙහි වූ වටිනා භාණ්ඩ රැගෙන පළාගොස් තිබුණි.

    පසුව ඔවුන් වැලිවේරිය හේනෙගම නිවසකට ද පෙර ලෙසම ජනේලයෙන් ඇතුළු වී එය ද කොල්ලකා ඇති බව වාර්තා වෙයි.

    එහිදී අදාළ නිවෙස් කාන්තාවට ලිංගික අතවර කර එය නිවැසියන්ගේ ජංගම දුරකතනයෙන් රූපගත කර එම දුරකතන වැසිකිලියට දමා ඔවුන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අවිස්සාවේල, ඇහැලියගොඩ යන ප්‍රදේශවලද මේ අයුරින්ම ඔවුන් සොරකම් කළ බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.