Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක Marc-André Franche මහතා ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. මෙහිදී Marc-André Franche මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිරිනමා ඇත. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහිදී පැසසුමට ලක් කළ මාර්ක් ඇන්ඩෘ මහතා, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඇගයීමට ලක්කර ඇත. එමෙන්ම මහජන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බවද මෙහිදී පෙන්වා දී ඇති මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහ දරිද්‍රතාව…
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට…
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ (3) රාත්‍රියේදී සිදුවිය. ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය සාජාහිදී පැවැත්විණි. මෙහිදී පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි. විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියේය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. තරගයේ 13(12.4) වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ…
අද (4) උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan),ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) යන මහත්වරු ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා සිදුකර තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද…
අවුරුදු 5ත් 12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා පෙන්වාදෙන්නේ, පෙර පාසල් කාලයේ සිට දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය. “ලංකාවේ තියෙනවා වසර 10න් 10ට මුඛ සමීක්ෂණ. මේක අන්තිමක එක. අලුත් එක 2024 – 2025 මේ දිනවල පටන් ගත්තා. මේ අනුව පේනවා අවුරුදු 5 දරුවන්ට රෝගී තත්ත්වය 63%යි. ඒ කියන්නේ ළමයින් 100ක් ගත්තොත් 63 දෙනෙකුට දත්වල මුඛ කුහර තියෙනවා. ළමයි 10ක් ගත්තොත් 6 දෙනෙකුට…
මේ වසරේ පළමු මාස අට තුළ වන අලි මරණ සහ වන අලි පහරදීමෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව අවම වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ පළමු මාස 8ට තුළ වන අලි 340 දෙනෙකු මියගොස් තිබුණි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වසරේ එම කාලය තුළ මියගොස් ඇත්තේ වන අලින් 239ක් පමණක් බවය. වන අලින් පහරදීම හේතුවෙන් පසුගිය වසරේ පළමු මාස අට තුළ පුද්ගල මරණ 117ක් සිදුව ඇති අතර එය මේ වසරේ 90ක් දක්වා අඩු ව තිබේ. සිය දෙපාර්තමේන්තුව විසින් අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම මරණ අවම කර ගැනීමට හැකි වූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද(03) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවා තිබුණි. එම අවස්ථාවේ දී විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී සිටියේය. ඒ අනුව අදාළ නඩුව කලින් නියම කළ පරිදි නොවැම්බර් මස 29 වනදා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල් 240,000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට…
නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්, වාර අවසාන කිරීම් 4ක් සහ රැස්වූ දින ගණන 390 ක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව 2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියෙන් විරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිව තිබේ. ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්ව ඇති අතර මන්ත්‍රීවරුන් 241 ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා කෙරිණි. අනතුරුව ජාතික…