Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
    Sport

    ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

    By LFNOctober 4, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ (3) රාත්‍රියේදී සිදුවිය.

    ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය සාජාහිදී පැවැත්විණි.

    මෙහිදී පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි.

    විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියේය.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

    තරගයේ 13(12.4) වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 52කට කඩුලු 5ක් ලෙසින් ය.

    නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් හා ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූවාය.

    ඒ හැරෙන්න වෙනත් කිසිදු පිතිකාරිනියකට ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම පෙනෙන මානයට හෝ රැගෙන යාමට නොහැකි විය.

    පාකිස්තානය වෙනුවෙන් සාදියා ඉක්බාල් (3/17), නෂ්රා සන්ධු (2/15) හා ඔමයිමා සොහයිල් (2/17) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් විය.

    පාකිස්තානු ඉනිම ඔසවා තැබූ නායිකා ෆාතිමා සානා පන්දු 20කට මුහුණදෙමින් ප්‍රහාරාත්මක ලකුණු 30ක් රැස්කිරීමට සමත් වූවාය.

    පන්දු 20කින් ගොඩනැගුණු ඇගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහරක් ඇතුළත් විය.

    ඇයට අමතරව නිඩා ඩාර් පන්දු 22කට මුහුණදෙමින් ලකුණු 23ක් රැස්කිරීමට සමත් වූවාය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු (3/18), සුගන්දිකා කුමාරි (3/19) හා උදේශිකා ප්‍රබෝධනී (3/20) කඩුලු තුන බැගින් බිඳදමමින් දක්ෂතා දැක්වීය.

    මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.