Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාරිහෝගිකයින්ට වසන් කර ඉදිවෙන පානදුර නව පොදු වෙළඳ සංකීර්ණයේ මාළු අලෙවි සැල්
    Hot News

    පාරිහෝගිකයින්ට වසන් කර ඉදිවෙන පානදුර නව පොදු වෙළඳ සංකීර්ණයේ මාළු අලෙවි සැල්

    By LFNOctober 8, 2024No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානදුර නව පොදු වෙළඳ සංකීර්ණය සඳහා ඉදිකිරීම් කටයුතු මේවන විට සිදුවෙමින් පවතින අතර, තත් වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් බෙදා දීමේ කටයුතු පානදුර නගර සභාව සහ පොදු වෙළඳ සංගමය හරහා සිදුවන බවත් මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් ස්ථානගත කිරීමේදී මාළු අලෙවි කරන ලද වෙළඳසැල් නවතමයෙන් ඉදිවන සංකීර්ණයේ පිටුපස පාරිභෝගිකයන් හට නොපෙනෙන ආකාරයෙන් ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති බවටත් වාර්තාවේ.

    මේ අතර මාළු වෙළඳසැල් හිමියන් විසින් ඉදිරියේදී ලබා දීමට යෝජනා කර ඇති මාළු වෙළද ස්ථානය කාණු පද්ධතියක් හා මාළු වෙළදාමට සුදුසු පරිසරයක් නොවන බවට ප්‍රකාශ කර සිටී. තවද වෙළඳ සංකීර්ණයට ඔබ්බෙන් මාළු අලෙවිසැල් මහා පරිමාණයෙන් සිදුකිරිම් හේතුවෙන් පාරිභෝගිකයන්ගේ නෙත නොගැටෙන ලෙස මාළු අලෙවිසැල් වෙළඳ සංකීර්ණය තුල ස්ථානගත කිරීම තුල තත් වෙළඳුන්ගේ වෙළඳාම් කටයුතු පහල වැටෙන බවට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. එමෙන්ම අමතරව පානදුර නගර සභාව හා පොදු වෙළඳ සංගමයේ ලේකම්වරයාගේ මැදිහත් වීම මත වෙළඳ සංකීර්ණයට ඔබ්බෙන් පිහිටා තිබෙන මාළු අලෙවිසැල් හිමියන්ගේ සැලසුම් මත මෙම ක්‍රියාවලිය සිදුවන බවටත් ඔහුන් චෝදනා කර සිටී.
    කෙසේ වෙතත් මාළු වෙළඳුන් හට සිදුව ඇති අසාධාරණය පිළිබඳව වෙළඳ සංගමය හා පානදුර නගර සභාව දැනුවත් කර ඇති නමුත් ඒ සඳහා නිසි විසඳුමක් නොලැබීම මත මාළු වෙළඳසැල් හිමියන් විසින් ඉදිරියේදී විරෝධතාවයක් සිදුකිරීමටත් සැලසුම් කර ඇති අතර එමගින් නිසි විසඳුමක් නොලැබුණහොත් උපවාසයක් ද ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවට අප වෙත වාර්තා වේ.

    රාජ්‍ය ආයතන හා වගකිවයුතු පාර්ශ්‍රව සුළු පිරිසකගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වය දී බහුතරයක් අපහසුතාවන්ට පත් කර පුද්ගලික ලාබ ප්‍රයෝජන ගැනීම තුල රජය පොදු ජනතාව අපහසුතාවන්ට පත් වන අතර නිසි සැලසුමකට අනුව මෙම වෙළ සැල් ස්ථානගත කිරීමට නිසි බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.