Author: LFN

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්විය.

Read More

බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින් එම තීරණය ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන බාලසූරිය මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම…

Read More

දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණ බව ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ළමා දින පණිවුඩය පහතින්. – උපුටා ගැනීම – ලෝකය ළමයින්ටයි…… ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු….. මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු. එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන්…

Read More

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවය. නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ තෝරාගත් තවත් ස්ථාන කිහිපයකදී ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට නියමිතය.…

Read More

බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් දියණිය සමග විවාහ වීමට සිටි පුද්ගලයා විසින් උදැල්ලකින් පහරදී දියණියගේ පියා ඝාතනය කර තිබේ. ඊයේ (30) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ වේයන්ගොඩ, ගැමුණු මාවත, පත්තලගෙදර ප්‍රදේශයේ නිවසකින් බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පත්තලගෙදර, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ද ගැටුමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත්ව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවය.

Read More

තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට තම බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත්, මේ වනවිට ඉඩම් විකුණ විකුණ ජීවත් වන බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසීය. වත්මන් දේශපාලන සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව පවසා සිටියාය. මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය පවසා සිටියේ, ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවයි. එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ඇය පැවසුවාය. “අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා මිසක්. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට ඇත්ත වශයෙන්ම මගේ බැංකු ගිණුමත් ඕවර් ඩ්‍රාෆ්ට්. පස්සේ ඉඩම් විකුණ විකුණ දැන් ජීවත්වෙන්නේ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.…

Read More

හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) රාත්‍රි 8.15ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සැකකරයි. මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබේ. ඊයේ (30) සිට එම ප්‍රහාර ඉක්මනින් දියත් කරන බව ඊශ්‍රායලය විසින් අමෙරිකානු නිලධාරියෙක්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාරයක අවදානම තීව්‍ර කරමින් ලෙබනන් – ඊශ්‍රායල දේශසීමාව වෙත ඊශ්‍රායලය විසින් යුද ටැංකි යොමුකර තිබු‍ණි. මෙවන් පසුබිමක ජාතිය ඇමතූ හිස්බුල්ලා සංවිධානයේ උප නායක ෂෙයික් නයිම් කාසීම් අවධාරණය කළේ ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට මුහුණදීමට තම සංවිධානය සූදානම් බවය. මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක සායිද් හසන් නස්රල්ලා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගියේ පසුගිය සති අන්තයේදී ය. ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායකයාගේ සිරුර, ලෙබනන්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසීය. එසේම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

Read More