Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට නිලුෂා බාලසූරිය ව පත්කෙරේ
    Featured

    ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට නිලුෂා බාලසූරිය ව පත්කෙරේ

    By LFNOctober 1, 2024No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය මහතා සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන බාලසූරිය මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

    කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් පැවසුවේ ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ද කැබිනට් එකඟතාව හිමිවූ බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට බලතල හිමි වී ඇත.

    ඒ අනුව, සැප්තැම්බර් 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලන්ගමුව මහතා (ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක) ලෙස සහ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා (ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ) ලෙස පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී තිබේ.

    ඔවුන් ගරු සේවා පදනම මත සේවය කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.