Author: LFN

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවය. දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (28) උදෑසන කාලයේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු විසින් කූඨ ලේඛණ සකස් කර රුපියල් 13,000,000ක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුද ව්‍යාජ ලේඛණ සකස් කර…

Read More

ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පවසයි. ඔහු පැවසුවේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් පමණක් නිකුත් කර ඇති බවය. එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ද සුරාබදු කොමසාරිස්වරයා පැවසීය. මේ අතර 2023 සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිග බදු එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

Read More

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කළ බවය. ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව සඳහන්ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වෙයි. 65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති…

Read More

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය. එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත ය. දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමග ද කෙටි පිළිසදරක ද නිරත විය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය ඊයේ (27) ආරම්භ වූ අතර, ඔක්තෝබර් 06 වැනිදා දක්වා පැවැත්වෙයි.

Read More

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටියි. යම් තැනැත්තෙක් මේ පිළිබඳ කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවද එහි දැක්වෙයි. එමෙන්ම මෙම දඩ හෝ පොලී, අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද එහි සඳහන් ය. තවද, ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇති වූ ‘ හිඟ…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් එහි විස්තර කර ඇත.

Read More

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ. සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් දකින්න නොලැබීම තමන්ගේ කුතුහලයට හේතුවක් බව නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම අභිරහස් ස්වරූපයක් ඇති පාෂාණය පිළිබඳ මේ වන විටත් විද්‍යාඥයන් තොරතුරු එකතු කරමින් සිටින අතර එය ෆ්‍රීයා කාසල් Freya Castle යනුවෙන් නම් කර ඇත. විද්‍යාඥන්ට මෙම පාෂාණය දැක ගැනීමට හැකිවූයේ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයේ පර්සියවරන්ස් රෝවරයේ ඇති MastCam-Z කැමරාවේ ආධාරයෙනි. බැලූ බැල්මට මෙම නව පාෂාණ යමහල් පාෂාණයකට සමාන යැයි ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. අඟහරුගේ අතීතය…

Read More

වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුවීම ඊයේ (27) රාත්‍රියේදී සිදුව ඇත. මරණකරු වයස අවුරුදු 33ක් වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් ය. මරණකරු සැකකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, මරණකරු සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවක සැකකරු නිවසේ සැඟව සිට මිටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන ඉහත ලිපිනයේ පදිංචි සැකකරු…

Read More

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (27) සමත් විය. පොලීසිය සඳහන් කළේ මෙම ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Read More