Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එජාප සහ සජබ සන්ධාන ගතවීමේ සාකච්ඡා බිඳවැටෙයි ද ?
    Featured

    එජාප සහ සජබ සන්ධාන ගතවීමේ සාකච්ඡා බිඳවැටෙයි ද ?

    By LFNSeptember 30, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ.

    ඒ, ඊට අදාළව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙනි.

    මහ මැතිවරණය වෙනුවෙන් එක්ව තරග කිරීම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ විය.

    ඒ අනුව සාකච්ඡාවට අටක් පමණ මේ වනවිට පවත්වා ඇති නමුත්, සමගි ජන බලවේගයේ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    එම කොන්දේසි බවට සඳහන් වන්නේ සමගි ජන බලවේගයේ ලාංඡනය වන ටෙලිෆෝනය යටතේ මැතිවරණයට තරග කළයුතු බව සහ හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවය.

    කෙසේ වෙතත්, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් ඔහු නොමැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින් හෝ එකඟවීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී ඇති බව වාර්තා වේ.

    එසේම, සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බවය.

    එම යෝජනාවට ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ විරෝධය එල්ල වී තිබේ.

    පවතින තත්ත්වය හමුවේ දෙපාර්ශ්වය සන්ධානගතවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

    මෙවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කළ යුතු බවට යෝජනාවක් පසුගිය (28) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ නෙළුව ආසන බල මණ්ඩලයේදී සම්මත කර ගැනුණි.

    කෙසේවෙතත්, දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා තවදුරටත් ඉඩකඩ විවෘතව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර, ගම්පහ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් දෙපාර්ශ්වය සන්ධානගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරවනීය ලෙස විශ්‍රාමයන ලෙසට කිහිපවතාවක්ම ඉල්ලා තිබෙන බවය.

    මේ අතර, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලය ඊයේ (29) රැස්වූ අතර, ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ සමගි ජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමටය.

    මහ මැතිවරණයේදී උතුරු – නැගෙනහිරට අමතරව කොළඹ ඇතුළු දෙමළ ජනතාව ජීවත්වන අනෙකුත් ප්‍රදේශවලත් තරගවැදීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය සලකා බලමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.