Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆේස්බුක් හරහා මුදල් වංචා කළ යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    ෆේස්බුක් හරහා මුදල් වංචා කළ යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNSeptember 29, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඔන්ලයින් හරහා රුපියල් කෝටි දෙකකට අධික මුදල් වංචාකළ යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙරට පිහිටි පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බව පවසා ෆේස්බුක් ඔස්සේ පසුගිය දින කිහිපය පුරාම දැන්වීම් පළකර තිබුණි.

    එම දැන්වීම නරඹා එහි ඇති සබැඳිය ඇතුළු වන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු පෞද්ගලික තොරතුරු රැසක් ඊට ඇතුළත් කළ යුතු වෙයි.

    එලෙස ඇතුළුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තැම්පත් මුදල් ඔන්ලයින් හරහා පිරිසක් ජාවාරම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ, අදාළ ජාවාරම උණවටුන ප්‍රදේශයේ සිට සිදු කරන බවය.

    එහි ගිය විමර්ශන නිලධාරීන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් දෙදෙනා යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකි.

    ඔවුන් මීට දින 5කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර ටෙලිග්‍රෑම් සමූහයක් හරහා ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකරුවන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.