Author: LFN

ලෝකයේ විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහත හෙලීමේ අරමුණින් සහල් අපනයනය අත්හිටවීමට පියවර ගනු ලැබීය. එහෙත් ඔවුන් වඩා උසස් ගණයේ සහල් වර්ගයක් ලෙස සැලකෙන බාස්මතී සහ අපනයනයට එම තහනම ක්‍රියාත්මක කළේ නැත. කෙසේ නමුත් බාස්මතී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 950ක අවම අපනයනය මිල සීමාවක් ඉන්දියාව පනවා තිබුණි. එවැනි සීමාවක් පැවතුනත් මේ වසරේ පළමු මාස 4 තුළ ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය මෙට්‍රික් ටොන් මිලියන 1.9ක් ලෙස 20%කින් ඉහළ ගොස් තිබුණි. දැන් ඉන්දියාව මේ මිල සීමාවත් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනය තවදුරටත් ඉහළ යනු ඇති බව වාර්තා වේ. ඉන්දියාව මිල…

Read More

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවද ඒ මහතා පැහැදිලි කළේය. කොළඹ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැහැදිලි කළේය. “මේ මැතිවරණයේදී පහුගිය ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් පහුගිය ඡන්දහිමි නාමලේඛනයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ…

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද (26) දිනයේත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මේ අතර අද පස්වරු…

Read More

වෙළෙදපලෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ වෙළෙඳපලේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බවය. ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේය.

Read More

අකුරැස්ස ප්‍රදේශයේ සිදුවු අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ. යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි යතුරුපැදිකරු සහ ඔහුගේ 32 හැවිරිදි බිරිඳයි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පියයුරු පිළිකා කල්තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවය. වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. “ලෝකයේ රටවල්වලත් පියයුරු පිළිකා සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. නමුත් ලංකාවේ තියෙන විශේෂත්වය තමා ලෝකයේ කලින් හඳුනාගැනීම වැඩියි ලංකාවට සාපේක්ෂව. ඒ නිසා පියයුරු පිළිකා නිසා සිදුවන මරණ, ප්‍රතිශතයක් විදියට අනෙක් රටවල්වලට…

Read More

වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මෙම තරුණයින් ඊයේ (25) දහවල් දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් ඇත. එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස අතුරදන් වී ඇත්තේ 19 හැවිරිදි සහ 22 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි. අතුරුදන් වු තරුණයින් දෙදෙනා සෙවීමේ කටයුතු පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකරනු ලබයි. මෙම තරුණයින් අතරින් එක් අයකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඇය ගෙනවිත් තිබූ විදෙස් මත්පැන් බෝතලයක් මෙම තරුණයන් විසින් පානය කිරීමෙන් පසුව ගඟට…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…

Read More

ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම සිදුවිය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාමලේඛනය පහත දැක්වෙයි. 01. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර 02. සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර 03. බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර 04. තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර 05. වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර 06. නාගලිංගම් චේතනායහන් මහතා – උතුර පළාත් ආණ්ඩුකාර 07. ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර 08. චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර…

Read More

සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පනතක් සම්මත කිරීමට තායිලන්ත පාර්ලිමේන්තුව පියවර ගත්තේ ය. එම පනතට එරට රජුගේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව අදාළ පනත තායිලන්තය තුළ නීතියක් බවට පත්වන්නේ තවත් දින 120ක් ඉක්මවා යාමෙන් අනතුරුවය. මේ සමග සමරිසි විවාහ නීතිගත කළ තෙවැනි රට බවට තායිලන්තය පත්වෙයි.

Read More