Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන කොමිසමෙන් නිවේදනයක්
    Featured

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන කොමිසමෙන් නිවේදනයක්

    By LFNSeptember 26, 2024No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවද ඒ මහතා පැහැදිලි කළේය.

    කොළඹ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැහැදිලි කළේය.

    “මේ මැතිවරණයේදී පහුගිය ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් පහුගිය ඡන්දහිමි නාමලේඛනයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ඒ ඔබට අදාළ සියලුම දත්ත සියල්ල අප සතුව තිබෙනවා.

    එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ ගියවර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙච්ච අයදුම්කරුවන් නැවත අයදුම් කරන්න සිදුවෙනවා.

    ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් නොකරම සිටියා නම් ඒත් ඔබ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

    විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා සහතික කිරීමේ නිලධාරීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා ඊට අදාළව සහතික කරන නිලධාරියා විසින් සහතික කරන ලද ඡන්දදායකයින්ගේ ස්ථාන මාරුවීම් විශ්‍රාමයාම හෝ වෙනත් මිය යාමේ කාරණා තුළ ඉවත් වෙච්ච සහ අලුතින් පැමිණිච්ච අයට අදාළ තොරතුරු අපට ලබාගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල අපේ සහකාර තේරීම් භාර නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි.

    පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟම පසුගිය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරපු නීතිරිති රාමුව තුළ ඒ ආකාරයෙන්ම වලංගු වේ.

    2024 ඡන්දහිමි නාමලේඛන අදාළ ඡන්ද දායකයින් 1,714,354 ක් නොවැම්බර් මස 14 දින ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබයි.

    මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින ආදරණීය දුවා දරුවන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමින් අපිට මැතිවරණ කොමිෂන් සභාව විදිහට අපට ලැබී තිබෙන්නේ අවම කාලයක් තුළ මේ මැතිවරණය පැවැත්වීමට අපට සිදු වී තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.