Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපක්ෂයේ සන්ධානය ගැන අදත් සාකච්ඡා කිහිපයක්
    Featured

    විපක්ෂයේ සන්ධානය ගැන අදත් සාකච්ඡා කිහිපයක්

    By LFNSeptember 26, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

    ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද (26) දිනයේත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

    මේ අතර අද පස්වරු 4.00ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය පළ කළ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    එහිදී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සඳහන්ය.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායම විසින් පසුගියදා පිහිටුවනු ලැබු පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නොමැති බව ද වාර්තා වේ.

    කුසලානය යටතේ තරග වැදීමට නම් අදාළ සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතු අතර මෙතෙක් ඒ සඳහා අනුමැතිය හිමිව නොමැති බව වාර්තා වේ.

    ඒ අනුව ඔවුන් පොදුජන එක්සත් පෙරමුණ යටතේ “පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්ය.

    කෙසේවෙතත් ඒ පිළිබඳව අද දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

    මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.