Author: LFN
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරගය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වේ. ශ්‍රී ලංකා සංචිතය මෙසේය, ධනංජය ද සිල්වා (නායක) දිමුත් කරුණාරත්න පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල් කමිඳු මෙන්ඩිස් සදීර සමරවික්‍රම ඕෂධ ප්‍රනාන්දු අසිත ප්‍රනාන්දු විශ්ව ප්‍රනාන්දු ළහිරු කුමාර ප්‍රබාත් ජයසූරිය රමේෂ් මෙන්ඩිස් ජෙෆ්රි වැන්ඩසේ මිලාන් රත්නායක
අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ. වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වේ. ඒ අනුව අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබේ.
අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) අළුයම කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ගයේ සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු සිය බාරයට ගෙන පසුව වත්තල පොලීසියට භාර දී ඇත. සැකකරු සතුව තිබී අඩි 14ක් දිග තඹ කේබල් 2ක් සහ කේබල් කැපීමට යොදාගන්නා ආයුධ හමු වූ බව පොලීසිය පවසයි. සැකකරු 31 හැවිරිදි වනවාසල කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේය. ඒ අනුව, 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී රු. මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මිල කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 1.7, සියයට 10.9 ක් සහ සියයට 2.5 ක්…
මධ්‍යම ඊශ්‍රායලය ට බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කරුවන් සමත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ උතුරු යේමනය පාලනය කරනු ලබන හූති සටන්කරුවන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බවයි. ඊ (15) එල්ල වූ එම ප්‍රහාරය එම කලාපයට හූති කැරලිකරුවන් එවැනි ප්‍රහාරයක් එල්ලකළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. හූති ප්‍රකාශක යහ්යා සේරියා පැවසුවේ එම ප්‍රහාරය සඳහා කිලෝ මීටර් 2,040ක් පමණ දුර ගමන්කළ හැකි හයිපසොනික් බැලස්ටික් මිසයිලයක් යොදාගත් බවයි. එම දුර යෑමට එම මිසයිලයට ගතවී ඇත්තේ විනාඩි 11 1/2කි. මධ්‍යම ඊශ්‍රායලයේ වගා බිමකට එම මිසයිලයේ කොටස් වැටී…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-45)ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ…
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඊයේ (15) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. බඩෝවිට හතර වන අදියර ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට සිටියදී අදාළ පුද්ගලයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙකි. කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර…
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩ ඇති බවයි. සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. මෙවර ශිෂ්‍යත්වය මධ්‍යස්ථාන 2,849කදී පැවැත්වුණු අතර ඊට සිසු සිසුවියන් 323,879ක් ඉදිරිපත් විය.