Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත් – ශ්‍රී ලංකාව අවදානමක
    Featured

    ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත් – ශ්‍රී ලංකාව අවදානමක

    By LFNSeptember 13, 2024Updated:September 13, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට ‘ඩොලර් බැඳුම්කරහිමියන්’ දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි.

    එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇතැයි ආයෝජකයින් බියට පත්වී ඇති බවය.

    එම වෙබ් අඩවියට අනුව මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ, රට තුළ තීව්‍ර වෙමින් පවතින දේශපාලන අවිනිශ්චිතතාවයි.

    ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විපක්ෂයේ අපේක්ෂකයන් ඔවුන් බලයට පත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කරගැනීමට නැවතත් සාකච්ඡා සඳහා යොමුවන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති බවය.

    බැඳුම්කරහිමියන් සමග ඇති කරගත් එකඟතාවල කොන්දේසි තවදුරටත් වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුවත්, ජනාධිපතිවරණයට පෙර එය සිදුකිරීම දුෂ්කර වී ඇති බව කොලොම්බියා ත්‍රෙඩ් නීඩ්ල් ආයෝජන සමාගමේ විශ්ලේෂකයෙක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

    ඊට අදහස් පළකළ එංගලන්තයේ M&G ගෝලීය ආයෝජන කළමනාකරණ ආයතනයේ ක්‍රමෝපාය විශ්ලේෂකයෙක් ද අනතුරු අඟවා තිබුණේ ශ්‍රී ලංකා ඩොලර් බැඳුම්කරවල දැන් දක්නට ලැබෙන අර්බුදය තුළින් මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය සහ එමගින් ණය ප්‍රතිව්‍යුහගතකරණ කාලරාමුවට ඇතිකරන බලපෑම පිළිබිඹු වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.