Author: LFN

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ අද (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. අද දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් මෙම නිදහස හිමිවෙනු ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. මීට අමතරව (10) දින සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, “වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉෂ්ඨ කරන්න අපි…

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියෝග කර තිබේ. ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල ඊයේ (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරය නැවත දෙසැම්බර් මස…

Read More

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව ඊයේ (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ඔහුගේ ඇප කොන්දේසි ලෙස සඳහන් විය. එසේම හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ. මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සඳහන් කළේ, සැකකරු මේ වනවිටත් මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔහු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින් ඔහු ඇප මත මුදාහරින බවය. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ ඔහු…

Read More

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ජාතික පොලිස් කොමිසමට නියෝග කළේය. ජ්‍යේෂ්ඨතම කාන්තා පොලිස් නිලධාරිනියක් වන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත. නියෝගය ප්‍රකාශයට පත් කරමින් එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය. ඒ අනුව ඔක්තෝබර් මස…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ. එම සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳ අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව පැවසීය. 2023 සැප්තැම්බර් 17 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් වන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා ය. සිද්ධියට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය (09) කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ සැකකරු සංවිධානාත්මක…

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශය සිදුකළ බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබේ. ජාතික ජන බලවේගයේ බව කියන ආධාරකරුවන් පිරිසක් අතර සිටි පුද්ගලයෙක් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා, “ඔහු 47 හැවිරිදි කිරිබත්ගොඩ පදිංචි පුද්ගලයෙක්. හිටපු යුද හමුදා මේජර්වරයෙක්. අදාළ හඬපටය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර තිබෙනවා… ඉදිරි විමර්ශනවලට අදාළව.”

Read More

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී. මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ…

Read More

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය. ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්,මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේනම් ඒ පිළිබඳව ළඟම…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරු ම්සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර මාතර සිට හම්බන්තොට හරහා…

Read More