Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»SF ලොක්කා ඝාතනය කළ හැටි බැටා හෙළිකරයි
    Featured

    SF ලොක්කා ඝාතනය කළ හැටි බැටා හෙළිකරයි

    By LFNSeptember 11, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

    එම සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳ අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව පැවසීය.

    2023 සැප්තැම්බර් 17 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් වන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා ය.

    සිද්ධියට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය (09) කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් උපයාගෙන ඇත්දැයි සොයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

    උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට සම්බන්ධ කසුන් මධුසංක නොහොත් ”බැටා” විසින් කළ ප්‍රකාශයක් අනුව ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

    බැටා නැමැති පුද්ගලයා පවසා ඇත්තේ තමන් SF ලොක්කා සමඟ ඇතිවූ ආරවුලක් උපයෝගී කරගනිමින් එවක අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම, උප පොලිස් පරීක්ෂක බාලසූරිය සහ පොලිස් සැරයන් ඩග්ලස් අප්පුහාමි යන අය සමඟ සම්බන්ධ වී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවයි.

    එහිදී SF ලොක්කා ඝාතනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් බවට පැවසෙන රවීන්ද්‍ර නැමැත්තාට අයත් අනුරාධපුර උළුක්කුලම ඉඩමකට ගොස් T-56 අවියක් සහ උණ්ඩ 4ක් ලබාදී වෙඩිතැබීමට අවශ්‍ය පුහුණුව ද අදාළ පොලිස් නිලධාරියා තමන්ට ලබාදුන් බව ඔහු පවසා ඇති බව සඳහන් ය.

    අනතුරුව 2020 අගෝස්තු 5 වනදා සැකකරු පොලිස් සැරයන් ඩග්ලස් අප්පුහාමි සමඟ යතුරු පැදියකින් SF ලොක්කාගේ මෝටර් රථය හඹාගොස් දහයියාගමදී වෙඩි තබා ඝාතනය කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

    ඝාතනයෙන් පසු අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයින් පිරිසක් විසින් අදාළ පොලිස් නිලධාරීන්ට රුපියල් කෝටි 13ක මුදලක් ලබාදී ඇති බවද බැටා නැමැත්තා ප්‍රකාශ කර තිබේ.

    එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩි තැබීමට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ලක්ෂාන් නැමැත්තෙකුට T-56 අවියක් ලබාදී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් ය.

    තවද හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අවුරා ලංකා පුද්ගලික සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සහාය දී ඇති බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

    ඒ අනුව අදාළ නිලධාරීන් පිළිබඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් ඒකකය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.