Author: LFN

ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ තවත් පැමිණිලි 233ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ. ඊයේ (05) දිනය තුළ දී එම පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 233ක් මෙලෙස ලැබී තිබේ. ඒ අනුව පසුගිය ජුලි මස 31 වන දා සිට ඊයේ දිනයෙන් අවසන් වූ මාසයක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2460 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 35-45ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි. ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවය. “මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා. අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග. ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා.” 2024 ජනාධිපතිවරණයට අදාළව…

Read More

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන ඉපලෝගම පොලිසියේ කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල් නෑව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 42 හැවිරිදි කොස්තාපල්වරයෙකි. මෙම කොස්තාපල්වරයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ගල් නෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලදී ගල් නෑව හා තදාසන්න ප්‍රදේශවල සැකකරු විසින් මත්ද්‍රව්‍ය සඟවන ස්ථාන වට්ස් ඇප් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මිලදී මිලදී ගන්නට යවා ඇතැයි අනාවරණය වී ඇත.

Read More

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් ව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

බඩල් කුඹුර කලූගහවාඩිය ප්‍රදේශයේ ගංගා හා ඇළ මාර්ග ආශ්‍රිතව සිදු කරනු ලබන අක්‍රමවත් පතල් කැණීම් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවට “සොබා පදනම” සංවිධානය විසින් අනාවරණය කර ඇත. මේ වන විට මැණික් ගඟේ අතු ගංගාවක් වන “වරාදොළ ඔය” ආශ්‍රිතව යන්ත්‍රානුසාරයෙන් සිදුකරන මහා පරිමාණ මැණික් කැණීම් හේතුවෙන් “මැණික් ගඟට” රොන්මඩ එකතු වීම නිසා එම ගංගාව පරිහරණය කරන බඩල් කුඹුර ප්‍රදේශයේ විශාල ජනතාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට “සොබා පදනම” සංවිධානය ප්‍රකාශ කර සිටී. මැණික් කැණීම් කටයුතු නිසා ගඟට එකතු වන අපජලය හේතුවෙන්, ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරන ජල පවිත්‍රාගාරයටද දැඩි බලපෑමක් සිදුව ඇති අතර, මැණික් පතල්වල අපජලය “මැණික් ගඟ” වෙත මුදාහැරීම…

Read More

බංග්ලාදේශයේ ආණ්ඩු පෙරළියෙන් පසුව පවතින නොසන්සුන් වාතාවරණය හේතුවෙන් එරට ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ දැවැන්ත අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරයි. නවතම පුරෝකථනවලට අනුව මෙම වසර තුළ එරට ඇඟලුම් අපනයනය සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇත. බංග්ලාදේශයේ දියත් වූ ශිෂ්‍ය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉවත් වූ අතර, භාරකාර රජයක් යටතේ වුවත් තවමත් එරට පවතින්නේ අස්ථාවර තත්ත්වයකය. මේ වන විටත් එරට හසීනා ආධාරකරුවන්, ඔවුන්ට අයත් ව්‍යාපාර ස්ථාන සහ කම්හල් ඉලක්ක කර විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා දියත් වෙමින් පවතියි. විරෝධතා සමනය වීමෙන් පසුවත් විවිධ කණ්ඩායම් මේ වනවිට කම්හල 4ක් ගිනි තබා ඇත. වැඩි වැටුප් ඉල්ලා පවත්වන සේවක වැඩවර්ජන…

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. ඒ සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය නම්කර නැත. ඔහු වෙනුවට කණ්ඩායම ට විශ්ව ප්‍රනාන්දු ව කැඳවා තිබේ. එසේම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ව කණ්ඩායම ට නම්කර තිබේ. තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම 1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර තිබේ. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමි ඇතුළු හිමිවරු තිදෙනෙකු ගොනු එම පෙත්සම ගොනුකර තිබුණහ. බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන, කොල්ලූපිටිය රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු මෙම පෙත්සම් ගොනුකර ඇති බව සඳහන් ය.

Read More

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවය. වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ. මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා සමස්ත පැමිණිලි 2227ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඉන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2154ක් වාර්තා වී ඇති බවත් එහි සඳහන්ව තිබේ.

Read More