Author: LFN

රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය (03) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නාය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබීය. පෙත්සම්කරුවන් කියා සිටින්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පෞද්ගලික…

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් එදිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට දැනුම්දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වා තිබුණි. ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද…

Read More

වෑන් රථයක් යතුරුපැදියක ගැටී ඊයේ (04) සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තුන් හැවිරිදි දරුවෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියේ ගමන් කළ 38 සහ 58 හැවිරිදි කාන්තාවන් දෙදෙනා මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් සමග සිටි දරුවා තුවාල ලබා තිබුණි. ඔවුන් මළුලෑව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. පොලීසිය සඳහන් කළේ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවය. වෑන් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුවී ඇත. අනතුර සිදුවී තිබුණේ එප්පාවල පොලිස් වසමේ තලාව කැකිරාව මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේදී ය. වෑන් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි. එප්පාවල…

Read More

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝගයක් නිකුත් කළේය. ඒ, 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙනි. මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න,…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More

ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ. ‍ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කරන ලෙසත් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනුකර ඇත. එම පෙත්සම පිළිබඳ නියෝගය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබන බව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල අද…

Read More

බටපොල පොලිස් වනමේ මහගංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසියට ලද පණිවුඩයක් මත මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 5ක් වූ මහගංගොඩ, අලුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා එම වෙළෙඳසැලේ සිට තනිවම නිවසට ගොස් ඇත. දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සොයාබැලීමේ දී නිවස පිටුපස වගාබිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දරුවා දියේ ගිලී සිටිය දී ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්ව ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ. ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් තිබේ. එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ධීවරයින් 04 දෙනෙකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන තිබුණි. අතුරුදන්ව ඇත්තේ 28, 43 සහ 52 හැවිරිදි වයස්වල පසුවන අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බේරාගත් ධීවරයින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු සුදානම් කර ඇත. ගාල්ල වරාය පොලීසිය සහ නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර…

Read More

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින්. ඔහු කියා සිටින්නේ ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවය.

Read More