Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්
    Featured

    මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්

    By LFNSeptember 5, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය (03) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

    මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබීය.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීමට එරෙහිව දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන්ට හිමිවිය යුතු ජූලි සහ අගෝස්තු මාසවලට අදාළ වැටුප් ගෙවීම අත්හිටුවීම තුළින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ පෙත්සම්කාර මිනින්දෝරුවන් රජයේ ව්‍යාපෘතිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම ව්‍යාපෘතිවලට අත්සන් කරන්නේ නම් ඔවුන්ට අත්හිටුවා ඇති වැටුප් ගෙවීමට සූදානම් බවත් ය.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීම අත්හිටුවන්නේ නම් අදාළ ව්‍යාපෘතිවලට අත්සන් කර නඩුව සමථයකට පත් කරගත හැකි බව සඳහන් කළේය.

    ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව අදාළ පෙත්සම ලබන මස 13 වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.