Author: LFN

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (02) එම සිදුවීම වාර්තා වී තිබුණේ පරසන්ගස්වැව පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, තන්නායන්කුලම්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙකි. මරණකරු පරසන්ගස්වැව, මිහිඳු මාවත ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින අවස්ථාවේදී මිතුරා සමඟ අමනාපව සිටි තවත් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇත. එහිදී තියුණු ආයුධවලින් දෙපිරිසම පහරදීමක් සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි. ගැටුමෙන් තුවාල ලැබූ දෙපාර්ශවයේම සිව්දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තරුණයා මියගොස් තිබේ. අපරාධය සම්බන්ධයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය…

Read More

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග…

Read More

ගල්කිස්ස වෙරළ තීරයේ දී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (01) දහවල් මෙම ළමුන් තිදෙනා ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවය. එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම ළමුන් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 16 හැවිරිදි කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටින ළමුන් තිදෙනෙකි. ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 57427 නහීම්, පොලිස් කොස්තාපල් 97189 බස්නායක සහ පොලිස් කොස්තාපල් 97401…

Read More

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී වියදම් විස්තර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය. මෙය 2023 අංක 03 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත් 1947 වසරේ සිට සෑම මැතිවරණයක් අවසානයේදී දින 31ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත් ඔහු පැවසීය. එසේම එය ලබා නොදීම මෙන්ම වැරදි තොරතුරු ලබා…

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළේය. ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය…

Read More

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබුණි. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය. ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා…

Read More

යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළේ යැයි ඇඟේ සැමියාට එරෙහිව ඌව පළාත් මහාධිකරණයේ දී විභාග වූ මිනීමැරුම් නඩුවක එම විත්තිකරු වැරදිකරු බව තීරණය කළ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේ දී 2010 ජූනි මස 19 වනදා 35 හැවිරිදි අදාළ කාන්තාවක් ඝාතනය කළේ යැයි ඇඟේ ස්වාමි පුරුෂයාට විරුද්ධව බදුල්ල පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබුණි. සැකකරු හා මරණකාරීය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට අනියම් ප්‍රේම සබඳතාවයක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇඟේ පාදයකට පහර දී ඇති බවත් නඩු විභාගයේ දී…

Read More

අම්බලන්තොට එරමිණියාය ග්‍රාම සේවා වසමේ එරමිණියාය මහා වැවට ඇඹීලිපිටිය චන්ද්‍රිකා වැවේ සිට ජලය රැගෙන විත් එරමිණියාය වැවේ ගබඩා කර එම ස්ථානයේ ඇති ජලය පිරිපහදු ස්ථානය මගින් ජලය පිරිපහදු කර අගුණුකොළපැලැස්ස හා අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ජිවත්වන පවුල් 20000 පමණ පානීය ජලය ලබා දෙයි. කෙසේ වෙතත්, එරමිණියාය මහා වැවේ තිබෙන ජලජ ශාක සහ රොන් මඩ පිරී අපවිත්‍රව පවතින බැවින් ඒවා ඉවත් කර වැව පිරිසිදු කර දෙන ලෙසට ඉල්ලා එරමිණියාය ප්‍රදේශවාසීන් විසින් මීට පෙර අවාස්ථා කිහිපයකදි අගුණුකොළපැලැස්ස වාරීමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හට ලිපියක් දැනුවත් කර ඇතත් මේ වන තෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටී. ප්‍රදේශවාසින් පවසන අන්දමට…

Read More

ඊයේ ට යෙදී තිබුණු “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය”ට සමගාමීව මෙක්සිකෝවේ පැවති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ සිටි අගනුවරදී එම විරෝධතාවය පැවැත්වුණේ මෙක්සිකෝවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙනි. අතුරුදන්ව සිටින සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙසට බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන් වූවන්ගේ සේයා රූ සහිත පොස්ටර් ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි. මේ වනවිට මෙක්සිකෝවේ එක් ලක්ෂ පහළොස් දහසක පිරිසක් බලහත්කාරයෙනු අතුරුදන් කිරීම්වලට ලක්ව ඇති බව මෙක්සිකෝවේ නිල දත්ත වාර්තාවල දැක්වෙයි. ඉන් වැඩිම අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාප්තිය ඇරඹි 2006 වසරේ සිට…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් ලබා ගත යුතු වෙයි. එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි. එංගලන්තය සිය පළමු ඉනිම සදහා ලකුණු 427ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.

Read More