Author: LFN

බිබිල මැදගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෑල්ලගම, මොණරවාන, එගොඩ කළුගහවාඩිය, දේවාලගොඩ ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය ගමනාගමන අවශ්‍යතා ඉටුකර ගැනිම සඳහා නිසි පාලමක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවී තිබේ. මෙම ප්‍රදේශයෙන් ගලා බසින “දහමල් ඔයට” ඉහළින් පාලමක් ඉදිකර දෙන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින අතර, ඔයේ ජල මට්ටම අඩු වු අවස්ථා වලදි අසීරුවෙන් ඔය තීරණය කල හැකි අතර, ජල මට්ටම වැඩි වු අවස්ථාවලදි ඔය තරණය කිරීම ජනතාවට සිදුකල නොහැකි බවට ප්‍රකාශ කර සිටී. මෙම ප්‍රදේශවාසින්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර, ඔවුන්ගේ අස්වනු නගරයට ගෙන යාමටත්, පාසල් දරුවන්ට පාසල් යාමටත් පාලමක් නොමැති විම දැඩි ගැටළුවක් වී ඇත. මෙම තත්වය හමුවේ…

Read More

මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය. ඒ, ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ අමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි. ජපාන සමාගමක් වන සී.සී. ට්‍රස්ට් පුද්ගලික සමාගම විසින් එම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබෙන අතර එය සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. අදාළ හෝටල් ව්‍යාපෘතිය 2017…

Read More

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (29) දැනුම් දුනි. තමන්ට සපයා තිබෙන ආරක්ෂාව දැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදු කළේය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට…

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිතව ඇත. එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

මතුගම පොලීසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියට අනුයුක්තව මතුගම අධිකරණයේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙකි. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරුපැදියක් මුදාහැරීම සඳහා සහායවීමට මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බවද පවසයි. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…

Read More

කොළඹ ප්‍රදේශයට පානීය ජලය සපයන ලබුගම කලටුවාව ජලාශ ආසන්නයේ “තුම්මෝදර ගම” පිහිටා ඇතත්, තුම්මෝදර ඉහළ ප්‍රදේශයේ පවුල් රැසක ජනතාවට රන්මුදු ඇල්ලෙන් ගලා එන අපිරිසිදු ජලය පානය කිරීමට සිදු වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. මීට වසර 40 කට පමණ ඉහත සිට උල්පත් ජලයෙන් පෝෂණයවූ රන්මුදු ඇල්ල හරහා ගලා බසින ජලය ප්‍රදේශයේ ජනතාව පානය කර ඇති බවත්, වර්ථමානය වන විට එම ජල සම්පත දිනෙන් දින අපිරිසිදු වීම නිසා ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන පිරිසිදු ජලය පානය කිරීමේ අවස්ථාව තමන්ට අහිමි වී ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිල් නගා සිටී. මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පාදුක්ක ගලගෙදර කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී…

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර ඇත. එහි වෙනස්කම් දෙකක් සිදුකර ඇත. ඒ අනුව කුසල් මෙන්ඩිස් ට සහ විශ්ව ප්‍රනාන්දු ට ඔවුන්ගේ ස්ථාන අහිමිවී තිබීමයි. ඔවුන් දෙදෙනා වෙනුවට පැතුම් නිස්සංක ව සහ ලහිරු කුමාර ව කණ්ඩායමට කැඳවා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 8ක් ක්‍රීඩාකර ඇති…

Read More

2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්” සංවිධානය පවසයි. මේ වන විට ජනගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතින්ගේ වාර්තා පෙන්නුම් කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම අදහස් පළ කර ඇත. එම නිවේදනය මගින් ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් මෙරට මූලික නිදහසට තවදුරටත් තර්ජන පවතින බවය. ජාත්‍යන්තර හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවට පෙන්වා දීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරමින් සිටින බවද හියුමන් රයිට්ස් වොච්…

Read More

තලාව මැදගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (28) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වේ. තුවාල ලබා ඇත්තේ 44 හැවිරිදි වරාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා තම මස්සිනා සමඟ ඔවුන් පොල් වගා කර ඇති ඉඩමේ ගමන් කරමින් සිටියදී එම ඉඩමට ජලය ලබා ගන්නා ඇල්කටින් බට සම්බන්ධයෙන් යාබද ඉඩමේ හිමිකරු සමඟ බහින්බස් වීමක් සිදුව ඇත. එහිදී ඇති වූ ආරවුල දුරදිග යාමෙන් එම යාබද ඉඩමේ හිමිකරු විසින් මෙලෙස වෙඩි තබා ඇති බව අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි තැබීම…

Read More