Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපන් සමාගමක් නඩු මගට
    Featured

    ජපන් සමාගමක් නඩු මගට

    By LFNAugust 30, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

    ඒ, ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ අමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

    ජපාන සමාගමක් වන සී.සී. ට්‍රස්ට් පුද්ගලික සමාගම විසින් එම පුද්ගලික පැමිණිල්ල ගොනුකර තිබෙන අතර එය සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

    අදාළ හෝටල් ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් මස 03 වනදා අවසන් කරන බවට පොරොන්දුවී තිබුණත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට විත්තිකාර සමාගම කටයුතු නොකළ බවත් ඒ තුළින් ඔවුන් අදාළ මුදල් පිළිබඳව සාපරාධි විශ්වාසය කඩ කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රයේ 398 සහ 403 යන වගන්තිවල සඳහන් වැරදි සිදුකර තිබෙන බවත් අදාළ පෞද්ගලික පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    මෙහිදී පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නිරංජන් අරුල්ප්‍රගාසම්, නන්දන පෙරේරා යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.