Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්
    International

    බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්

    By LFNSeptember 6, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශයේ ආණ්ඩු පෙරළියෙන් පසුව පවතින නොසන්සුන් වාතාවරණය හේතුවෙන් එරට ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ දැවැන්ත අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරයි.

    නවතම පුරෝකථනවලට අනුව මෙම වසර තුළ එරට ඇඟලුම් අපනයනය සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇත.

    බංග්ලාදේශයේ දියත් වූ ශිෂ්‍ය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස එරට අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉවත් වූ අතර, භාරකාර රජයක් යටතේ වුවත් තවමත් එරට පවතින්නේ අස්ථාවර තත්ත්වයකය.

    මේ වන විටත් එරට හසීනා ආධාරකරුවන්, ඔවුන්ට අයත් ව්‍යාපාර ස්ථාන සහ කම්හල් ඉලක්ක කර විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා දියත් වෙමින් පවතියි.

    විරෝධතා සමනය වීමෙන් පසුවත් විවිධ කණ්ඩායම් මේ වනවිට කම්හල 4ක් ගිනි තබා ඇත.

    වැඩි වැටුප් ඉල්ලා පවත්වන සේවක වැඩවර්ජන හේතුවෙන් ඊයේ (5) සිට තවත් කම්හල් 60ක් පමණ වසා දැමීමට නියමිත බව ද සඳහන්.

    බංග්ලාදේශයේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 80ක් උපයාගන්නේ ඇඟලුම් අපනයනයෙන් වන අතර, මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස එරට ඇඟලුම් අපනයන සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂිතය.

    ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශිෂ්‍ය අරගලයෙන් පත්වූ නව රජයට, රට ගොඩනැගීම මහත් අභියෝගයක් වනු ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.