Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්
    Featured

    මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

    By LFNAugust 28, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “ඔබ සියලුදෙනා දන්නා පරිදි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත්. එවැනි උත්සාහයක් කොතෙක් ක්‍රියාත්මක වුවත් ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් හෝ දැඩි ප්‍රයත්නයකින් ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වනවා වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස්කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති කර, පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකියි. වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැයකිරීම් සහ බදු අඩුකිරීම් මඟින් ආර්ථිකය වර්ධනයක් කරා යොමු කිරීම සඳහා රජයට කිසිඳු මූල්‍ය අවකාශයක් නැහැ. මූල්‍ය සහ ණය තිරසරභාවයක් නැවත ස්ථාපිත කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය උදෙසා වු මූලික අවශ්‍යතාවයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.