Author: LFN

කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඊයේ (25) පෙරවරුවේ මෙම දියවලෙහි දිය නෑමට ගොස් ඇත. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය. දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ අද (26) දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉත්තෑපාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Read More

බදු පිළිබඳ සියලු තොරතුරු අද (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බවය. හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව සඳුදා (26) දිනයේදී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවය. ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව රාජිත රණසිංහ මහතා පැවසීය. කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

විදුලිසැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකි. නිවසේ පිටුපස වතුර කරාමයකින් දිය නාමින් සිටියදී ඒ අසල තිබෙන ජල මෝටරයේ වයරයක් ගැලවී ඇවිත් සිසුවාගේ සිරුරේ ස්පර්ශවීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බව අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුප්පියාවත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් අංක 871 වත්ත, මහල් නිවාස සංකීර්ණයේ එක් කොටසක් අබලන්වීම හේතුවෙන් අවදානම් සහගත තත්වයක් උද්ගතව ඇත බවට වාර්තාවේ. මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මහල් තුනකින් යුත් මෙම නිවාස සංකීර්ණය 1956 වර්ෂයේදී පුද්ගලික සමාගමක් විසින් ඉදිකර ඇත.මෙම කොටස් දෙකකින් යුත් නිවාස සංකීර්ණයේ එක් කොටසක පවුල් 17ක් පදිංචිව සිටින බවත්, බිම් මහලේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ද පවත්වාගෙන යනු ලබයි. මෙම කොටස මේ වන විට දැඩි අබලන් තත්වයට පවත්ව ඇති අතර, ඒ සබැඳිව පදිංචිකරුවන් විසින් නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස සංවර්ධන අධිකාරිය දැනුවත් කිරීම සිදුකලද මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුකර නොමැති බවට…

Read More

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (23) දිනය දක්වා ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 901කි. ඊයේ පස්වරු 4.30න් අවසන් වු ගෙවුණු පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්ථා වී ඇත. මින් වැඩිම ප්‍රමාණයක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

බේරේ වැවේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. ඊයේ (24) පස්වරුවේ මෙම මළසිරුර හමුවී තිබුණි. මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා සඳහා ලබාගත් පැය 72ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් වෙඩික්කරුවෙක් සහ වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙකි. මේ අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබූ “ක්ලබ් වසන්තගේ” බිරිඳ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීට සතියකට පමණ පෙර රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ් වසන්ත” ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක්…

Read More

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන්නේ එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නැති බවය. ඔහු පවසන්නේ එම මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවය. තවද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් මේ වනවිට රට අත්හැර ගොස් ඇති බව වාර්තා වී ඇතැයිද ඔහු පවසයි. එමෙන්ම ඇතැම් අපේක්ෂකයින් මියගොස් ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ දී පැවැත්විමට නියමිත බව…

Read More