Author: LFN
සැමියා විසින් බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ මියගොස් තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. සැකකාර ස්වාමිපුරුෂයා, බිරිඳ (38), 18 හැවිරිදි පුත්‍රයා සහ අවුරුදු 08ක දියණිය නිවිතිගල පොලිස් වසමේ කලවාන පාර, දෑල ප්‍රදේශයේ නිවසක ජීවත්වී ඇති අතර පසුගිය (21) රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය ඇතිවී තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ සහ පුත්‍රයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිරිඳ මියගොස් තිබූ බව පොලීසිය තවදුරටත් පැවසීය. පසුව පොලීසිය විසින් නිවස පරීක්ෂා කිරීමේදී 48 හැවිරිදි සැකකාර සැමියා නිවස තුළ සියදිවි නසාගෙන සිටියදී සොයාගෙන ඇත.
බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ. ඊයේ (22) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන යාත්‍රා කළ බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බලප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවකි. අනතුරින් අතුරුදන්ව ඇත්තේ බෙන්තර සංචාරක හෝටලයකින් පැමිණි දෙදෙනෙක් බව වාර්තා වෙයි. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි. මේ වන විට අතුරුදන්වී සිටින පුද්ගලයන් සොයා විමර්ශන පවත්වන අතර සිද්ධිය පිළිබඳව නාවික හමුදාව ද දැනුවත් කර තිබේ. අලුත්ගම සහ බෙන්තර පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.
2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. එම විස්තර පහතින්,
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය අණපනත් මේ වන විටත් සකස් කර අවසන් බවය. දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ පැවති සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවේදී ඉදිරිපත් වු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය. ඒ මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසට ය. එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී…
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 සහ ඊට අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් පැවැත්වුණි. කෙසේ වෙතත්, ඊට ආසන්නයේ කලහකාරීව හැසිරුණු පුද්ගලයෙකු එම විරෝධය වාර්තාකරණය සඳහා පැමිණි මාධ්‍යවේදියෙකුට පහරදීමට උත්සාහ කර තිබුණි. පසුව එම පුද්ගලයා එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන්ට ද තර්ජනය කර ඇති අතර පොලිස් නිලධාරීන් මැදිහත්ව එම පුද්ගලයා ව එම ස්ථානයෙන් ඉවත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඊයේ (21) සිදු කළ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජා ඇල ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සමග 51 හැවිරිදි අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම මීගමුව පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 220ක් සමග 33 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් 21ක් අත්අඩංගුවට ගෙන ඇති අතර…
කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එමෙන්ම 2024/2025 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් සමාගම සහ පුද්ගලික අංශය මගින් පොහොර ආනයනය කර ගොවීන් වෙත තරඟකාරී මිලකට අලෙවි කිරීමටද අනුමැතිය ලැබී ඇත. මේ තුළින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහ භෝග ඵලදායිතාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා සතුව තිබූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලීසිය පවසයි. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 53ක් සොයාගෙන තිබුණි. යුක්තිය මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පසුගිය (20) පස්වරුවේ විශේෂ වැටලීමක් පිළියන්දල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කර තිබුණි. ඒ මෙහෙයුම් නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුවය. පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෙළෙඳසැලක රථගාලක නවතා තිබූ වෑන් රථයක් එහිදී පරීක්ෂා කර ඇත. වෑන් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයෙක් එහි රැඳී සිට ඇති අතර රියදුරු අසුනට යාබද අසුනේ රැඳී සිටි පුද්ගලයාගේ ගමන් බෑගය…
ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මක ය.