Author: LFN

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි. එම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක සිය සංගල ටෙස්ට් තරගයට සහභාගී වෙයි. දකුණු අතින් මදවේග පන්දුයවන්නෙක් වන ඔහු වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෙකි. දිමුත් කරුණාරත්න නිශාන් මධුෂ්ක කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිවුස් දිනේෂ් චන්දිමාල් ධනංජය ද සිල්වා (නායක) කමිඳු මෙන්ඩිස් ප්‍රභාත් ජයසූරිය අසිත ප්‍රනාන්දු විශ්ව ප්‍රනාන්දු මිලාන් රත්නායක

Read More

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව පවසමින් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ. කඳපොළ ප්‍රදේශයේ පදිංචි එම්. රාජරත්නම් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. පැමිණිකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට සිදුවූ හනිය වෙනුවෙන් එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටය. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු 11 දෙනෙකු…

Read More

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය.

Read More

බස් රථ 4ක් ගිනිතැබීමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20) අලුයම එලෙස ගිනිතබා ඇත. ඒ, වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී ය. ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ. අසල තිබූ CCTV කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනිතබා පළායන අයුරු සටහන්වී ඇති බවද අප වාර්තාකරු පැවසීය. පොලීසිය පවසන්නේ ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදුවූ ඇතැයි විශ්වාස කරන බවය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි. එමෙන්ම කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව ද සඳහන් ය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජල ගැලීම් තත්ත්වයක් පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පි. සී. සුගීෂ්වර මහතා පැවසීය. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

Read More

මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩවැව ප්‍රදේශයේ ආරන්‍ය සේනාසනයක විසු හිමි නමක් සහ අගලවත්ත හා ආඩියාගල පදිංචි වයස අවුරැදු 30ත් 60ත් අතර වියේ පසුවන පුදගලයන් හත් දෙනෙකි. පුද්ගලයන් පිරිසක් මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටින බවට එම ගම්මානයේ පුද්ගලයන් පිරිසක් විසින් පොලිසියට සිදුකළ දැනුම් දිමක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් නිදන් කැණිම සදහා භවිතා කරන ලද උදළු,අලවංගු,තාච්චි වැනි උපකරණ කිහිපයක්ද මෙහිදි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්‍රෑම් 750 සමඟ සැකකරුවකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් වෙත ඉන්දියාවේ සිට සිදුකරන ජාවාරම් සම්බන්ධයෙන් ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ට්‍රැක්ටර් රථයකින් රැගෙනයමින් තිබූ අමු ඉඟුරු තොගය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. මේ දින වල දිවයිනේ විවිද ප්‍රදේශවල ඉඟුරු මිල ඉතා අධිකවීම සහ ඉඟුරු හිඟය හේතුවෙන් ජාවාරම් සිදුකරන පුද්ගලයින් ඉන්දියාවේ සිට අමු ඉඟුරු ගෙන්වා වැඩි මිළට අලෙවි කිරීම සිඳුකරන බවට අනාවරණය වූ බවත් පැවසීය. සැකකරු පොලිතින් උර කිහිපයක් තුල…

Read More

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පසුගිය 18 වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඊයේ (19) උදෑසන මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි. පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුට පිරිසක් විසින් පහරදී එම ඝාතනය සිදුකර ඇත බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ සඳහා භාවිතා කළ පිහියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ළමා හතිය වැනි රෝග තත්ත්වයන්‍ මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ද ඉහළ යාමක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වන බවය. මේ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, “කැස්ස හුස්ම ගැනීමේ අපහසුව තියෙනවා නම් මේක ළමා හතිය ඇති වීමක් වෙන්න පුළුවන්. දෙවනුව වෛරස් උණ පැතිරයෑමේ හැකියාවකුත් තියෙනවා. දැනටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරිලා තියෙනවා. විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ තමා පැතිරිලා තියෙන්නේ. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. ඒ නිසා පුළුවන් තරම් කැස්ස, හෙම්බිරිසාව,…

Read More

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 30ක් සඳහන්ය. මේ අතර පසුගිය ජුලි 31 සිට පසුගිය (18) දිනය දක්වා සමස්ත පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More