Author: LFN

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම…

Read More

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැලෙමින් පවතී. ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 148.5කි. මේ අතර කළු ගඟේ අතුගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කළු ගඟේ තවත් අතු ගඟක් වන මගුරු ගඟේ ජල මට්ටම ද මගුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළේය. “මේ දක්වා ඇතිවුණු වර්ෂාපතනය මත සැලකිය යුතු ගංවතුර මට්ටමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා සහ ගංගා ද්‍රෝණිය අධික තෙත් තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ධාරා ප්‍රදේශයට ලැබුණොත් ඉතා පහසුවෙන් ගංගා…

Read More

අකුරේගොඩ, අරුප්පිටිය, 10 වන පටුමඟ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ අද (18) උදෑසන ත්‍රිවිල් ගරාජයක් අසලදී එම පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කර ඇති බවයි. මියගිය පුද්ගලයා 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක් වන අතර ඔහු සම්බන්ධයෙන් වෙනත් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය. ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී තරගය පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතව ඇත. දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය අයර්ලන්ත කාන්තා කණ්ඩායම හිමි කර ගත් අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වී තිබේ.

Read More

ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා අද (18) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය මේ වන විට ග්‍රාම නිලධාරීන් මැතිවරණ නිලධාරීන් බවට පත්ව ඇති බැවින් ස්වාධීන අපක්ෂපාතී සාම නිලධාරීන් ලෙස මැතිවරණ නීතියට අනුගත වෙමින් මහජන සේවාවන් උපරිම ආකාරයෙන් ඉටු කිරීම සඳහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගවලින් ඉවත් වන බවත් ඒ මහතා පැවසීය ඉදිරියේදී පත්වන නව ජනාධිපතිවරයා සමඟ තම වෘත්තීය ගැටලු පිළිබඳව යලි සාකච්ඡා ආරම්භ කර පවතින…

Read More

ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමේ සූදානමින් පසුවෙයි. “ගගන්යාන්” නමින් නම් කර ඇති මෙහෙයුම යටතේ පළමුව මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමින් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතය. G1 ලෙස හැඳින්වෙන රොකට්ටුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය එනම් ඉස්රෝ (ISRO) ආයතනය පවසයි. ගගන්යාන් මෙහෙයුම යටතේ මෙට්‍රික්ටොන් 5.3ක බරකින් යුතු අභ්‍යවකාශ යානය දින 7ක කාලයක් පුරා පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය. ගගනගාමීන් තිදෙනෙකුද රැගත් යානය දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ 2025 වසරේදීය.

Read More

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. 12 හැවිරිදි අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරිය විසින් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දැනුවත් කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම සිදුවීම කිසිදු අයෙකුට නොදන්වන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය දැරියට ප්‍රකාශ කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව…

Read More

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල පසුගිය අවස්ථාවන්වල නායයෑම් සිදුවු ස්ථාන පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන ලෙස ද ජනතාවට දැනුම් දෙයි. දැනට පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා, “කුඩා ගඟ දෙපස සිටින ජනතාව තවදුරටත් විමසිලිමත්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. වර්ෂාපතනය අධිකව ලැබිලා තියෙනවා. මිලිමීටර් 200 ඉක්මවූ වැසි. මේ හේතුවෙන් නායයෑමේ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙන්න. විශේෂයෙන් පවතින…

Read More

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වේ. ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පෙරේදා (16) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයන් වියදම් කළ මුදල පිළිබඳ…

Read More