Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙරොයින් සමග හසුවූ STF IP සහ කොස්තාපල් ගැන තවත් තොරතුරු
    Featured

    හෙරොයින් සමග හසුවූ STF IP සහ කොස්තාපල් ගැන තවත් තොරතුරු

    By LFNAugust 22, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා සතුව තිබූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලීසිය පවසයි.

    ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 53ක් සොයාගෙන තිබුණි.

    යුක්තිය මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පසුගිය (20) පස්වරුවේ විශේෂ වැටලීමක් පිළියන්දල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කර තිබුණි.

    ඒ මෙහෙයුම් නිලධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුවය.

    පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෙළෙඳසැලක රථගාලක නවතා තිබූ වෑන් රථයක් එහිදී පරීක්ෂා කර ඇත.

    වෑන් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයෙක් එහි රැඳී සිට ඇති අතර රියදුරු අසුනට යාබද අසුනේ රැඳී සිටි පුද්ගලයාගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 53ක්, මාංචු යුගළයක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් විමර්ශකයන් සොයාගෙන තිබේ.

    එම සැකකරු මොරටුව විශේෂ කාර්යය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බව අනාවරණ වී ඇත.

    වෑන් රථයේ රියදුරු ලෙස ක්‍රියාකර ඇති සැකකරු මොරටුව විශේෂ කාර්යය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකි.

    ඒ අනුව හෙරොයින් ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටිම යන චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනො කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දැනට විදෙස්ගතව සිටින ලොකු පැටී නම් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්කුඩු තොගයක් පසුගිය ජුනි 9වනදා කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සොයා ගෙන තිබුණි.

    එහි තිබූ හෙරෙයින්වල වටිනාකම රුපියල් කෝටි 30කට අධික බව වාර්තා වෙයි.

    කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ඇත්තේ එම හෙරොයින්වලින් කොටසක්දැයි සැක පළ කෙරේ.

    32 හැවිරිදි සහ 39 හැවිරිදි සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.